10th - Episode

267 45 12
                                    

"අහ්ම්..! ඇ..ලෙ..ක්..ස්..!"

"මොහ්?"

කරකෝලා අතඅැරියා වගේ එකපාරට ඒ මනුස්සයා කියද්දී ... කොල්ලෝ ටිකට නම් හුස්ම ගන්නත් අමතකවෙලා ගියා... සමහර අය ඉඳං උන්නු තැන්වලින් නැගි⁣ටිද්දී... හිටන් උන්නු සමහර අය තැන තැන වාඩිවුනේ අවසිහියෙන් වගේ....

"ඇත්තද කියන්නේ උබ? ක..කතා කරපං! කතා කරපං...!"

"යා...ජංගුක් ඕක නවත්තපන්! ඌ මැරිලා යකෝ...!"

නිසල මලමිනිය හොලව හොලවා ජංගුක් ලතෝනි තියනකොට එතනට ආපු යුංගි කොල්ලව නැවැත්තුවා....

"ඌ කොහොමද හියුන්... ජීවත් වෙන්නේ...?"

"අපටත් හිතාගන්න බැරි ඒකම තමා බං... කලබලනොවී ඉදාංකෝ උබ කලබල වෙලා කොහොමද...".(nj)

"ආශ්...!"

ළඟ තිබුණු ජනේලෙටත් දඩස් ගාලා හයියෙන් පාරක් ගහපු කොල්ලා කොන්ඩෙත් ඇදගෙන පුටුවකින් වාඩි වුනේ .... කොල්ලගේ ඇස් කේන්තියටම රතුවෙලා යනකොටයි...

ඇත්තටම කවුද මේ ඇලෙක්ස් කියන්නේ? මොකද්ද ජංගුක්ට ඒ මිනිහ එක්ක තියෙන සම්බන්ධේ....? අපි බලමු......

මීට පස් වසරකට පෙර.... කොරියාව හදුන්වන්න පුළුවන් හරියටම කිව්වොත් හිට්ලර් ගේ පාලනයට නොදෙවෙනි පාලන අවධියක් විදියට....දේශයටම අනන්‍ය වුනු ආණ්ඩු ක්‍රමයක් පැවතුනත්... මුළු කොරියාවම පාලනය කරේ දරැණු මාෆියා කණ්ඩායමක් විසිනි.... ඇලෙක්ස් නම් වූ ඒ නායකයා ඇමෙරිකානු සම්භවයක් සහිත මැදි විය ඉක්මවූ හැඩිදැඩි මිනිසෙක් වුනා....මුලු කොරියාවම දෙවනත් කරන්න තරම් ශක්තියක් තිබුණු ඒ මනුස්සයා දිහා... කෙලින් බලන්න තරම්වත් ශක්තියක් තිබුණු මනුස්⁣සයෙක් අහම්බෙන්වත් හමුවුනේ නෑ....හැම සන්ද්‍යවකම ගොම්මන උදා වන විට දෙමව්පියන් තම ගැහැනු දරැවන් ගෙවල් අස්සේ දාගෙන පරිස්සම් කරන්න ගත්තා....හයිස්කූල් වලට හදිසියේම එන කලු ඇදගත්තු මිනිසුන් ගේ ගොදුරු බවට පත්වෙන්න ඒ අසරණ දරැවන්ට සිද්ධවුනා.... ඇරත් පිරිමි කඩවසම් දරැවන්ටත්.....සමහර දරැවන් කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වෙද්දී.... තවත් සමහරැ නිස්කාරනේ තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙව්වා.... යොන් ජෙන් කියන්නෙත් ඒ විදියට තමන්ගේ ජීවිතේ .... කාමාතුරයන්ගේ පහත් වූ ආශාවන් සන්සිඳුවාලා.... නිමී ගිය ලස්සන ආලෝකයක්....වුනා... යොන් ජෙන් තමා වාසිටි කාලේ ජංගුක් ගේ හොඳම යාළුවා.... තමන්ගේ හැම දේම බෙදාහදාගෙන ... එකට විනෝදවෙමින්... එකට සිනාසෙමින්... එකට හඬමින් උන්නු මේ මිත්‍රයෝ දෙන්නගේ ඉරණම එක් ක්ෂණයකින් වෙනස් වෙලා ගියේ... එක දවසක් හදිසියේම යුනිවසිටිය වටලෝපු ඇලෙක්ස්ගේ පිරිස නිසයි.... වාසනාවකටද අවාසනාවකටද මන්දා... එදා ජංගුක් යුනි ආවේ පරක්කු වෙලා .... ඒත් යුනි එකේ ගේට් එකෙන් ඇතුලට ආපු කොල්ලා හතර අතේම දැක්කේ ...තනි ලේ විලක්... නිරැවත් කාන්තා මල සිරැරැත් .... ඒ අතරම පිරිමි මලසිරැරැ දකිද්දි කොල්ලගේ දනිස් දෙක පන නැති වීගෙන එද්දී ... හිත සවි කර ගත්තු කොල්ලා එක පිම්මට දුවගෙන ගියේ තමන් ඉගෙන ගන්න ලෙක්චර් රෑම් එක දිහාවටයි.... අධිවේගෙන් දිව ආපු ජංගුක් ගේ දෙපා වල තිරිංග ලෙක්චර් රෑම් එක අසල ඉබේ තද වෙද්දී ඇරලා දාපු දොරෙන් කොල්ලා ඇතුලට ගියේ හුස්ම පවා හිරවෙද්දියි.... හඳුනන,නොහඳුන දහසකුත් මුහුණු අතරේ... කොල්ලා හෙව්වේ යොන් ජෙන් ගේ පියකරැ මුහුණයි.... තමන්ගේ සහෝදරයා, මිත්‍රයා.... හොඳින් ඇති කියලා හිත කොනක පුංචි බලාපොරොත්තුවක් මෝදු වී වැඩෙද්දිී... ඒ හැඟීම උපන්ගෙයිම මරා දමන්ට කොල්ලට සිදුවුණේ මේසෙයක් මත වැතිරී තිබුණු යොන් ජෙන් ගේ නිරැවත් මලකඳ දැකීමෙනි....හදිසියේ මතුවුනු... කඳුළු බිඳු එක දෙක දෑස පලාගෙන පහලට රෑරා ගලද්දි හෙමින් එදෙසට අඩි තියපු ජංගුක් තම මිතුරාගේ අචල දේහය බදාගෙන අඬන්න ගත්තේ... තමන්ගේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් හීන වීගෙන යනකොටයි....

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now