Final Episode pt1...

295 35 2
                                    

Don don don💥💥💥

"වැඩක් කරගන්න බැරි පර හැත්ත...!🤬.. තොට ඒ ගෑනිව බලාගන්න බැරි වුණාද... ආ බල්ලෝ... කතා කරපං...!"

"මි..මියන්හේ ..බොස්.."

"මියන්හේ...මියන්හේ...? එච්චරද තොට කියන්න තියෙන්නේ ප#යෝ..🤬? ආ.. එච්චරද...? "

දඩස් 💥💥💥

කොල්ලා... තිබ්බ කේන්තියටත් එක්කම ඒ ගාර්ඩ් ගේ මූනට වේගෙන් පාරක් ගහද්දි.. මේ වෙද්දිත් මදි නොකියන්න කාලා හිටපු එ් මනුස්සයා... පන නැතුව බිමට වැටුනා....

"ජංගුක්... ඔය ඇති ඕක නවත්තපං..! " (jin)

"නවත්තන්න.. කොහොමද හියුන් නවත්තන්නේ...? අරකි පැනලා ගියේ මේ හු##ගේ පුතාලා ටික නිසා... ආශ් මුට මං.."

කොල්ලා... ගන් එක අරගෙන එක බිම වැටිලා උන්නු මිනිහගේ ඔලුවට තියලා.. හැදුවේ වෙඩි තියලා දාන්න වුනත්... කොල්ලට කලින් ඉක්මන් වුනු ජින් කොල්ලගේ අතින් ගන් එක උදුරලා ගත්තා..

"වෙඩි ති⁣යනවා කියලා උඹ තව කී දෙනෙකුට නම් වෙඩි තියන්නද මිනිහෝ..?"

ජින් අහද්දි.. කොල්ලා මොකුත් නොකියම බැලුවේ තමන්ගේ වටේම ලේ ගොඩක නිසලව වැටිලා උන්නු කොල්ලගේම ගාර්ඩ්ලා දිහායි... කොල්ලා.. දැනටමත්.. තමන්ගෙම ගාර්ඩ්ලා දහයක්ම හිතක් පපුවක් නැති විදියට සමූල ඝාතනය කරලා දාලා තිබ්බා...ඒ වෙන මොකුත් නිසා නෙමෙයි.. ඒ මිශිල් නිසා... කෙල්ල මැන්ශන් එකෙන් පැනගෙන තිබුණු නිසා... කොල්ලා දන්නේ නෑ... කෙල්ලට උදව් කලේ ටේහියුන් කියලා...කොල්ලා හිතුවෙම කෙල්ල පැනගත්තේ... ගාර්ඩ්ලගේ උදව්වෙන් කියලා... කාටද එච්චර හයියක් තියෙන්නේ.. ජේකේගේ හිරකාරයන්ව මැන්ශන් එකෙන් පන්නන්න තරම්..? කොල්ලට සැක හිතුනෙම මේ ගාර්ඩ්ලා ටික.. මොකද උන් මැන්ශන් එකේ වැඩට ආවේ ළඟදි .. නිසා... ඒත් කොල්ලා.. කොච්චර ඇහුවත් උන් කිව්වෙම තමන් මොකුත්ම දන්නේ නෑ කියලයි... ජංගුක් කියන්නේ කොහොමටත් ඉවසීම තියෙන මනුස්සයෙක් නෙමෙයි නේ.. අනික කොල්ලා ඉන්න මානසික තත්වයත් එක්ක.. පොඩ්ඩ බැරි වෙන්න කොල්ලට කේන්ති යනවා... ඒකයි කොල්ලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.. අර මිනිස්සු ටිකට වෙඩි තියලා දැම්මේ... මං කලින් කිව්වනේ... ජංගුක්ගෙන් ආයෙත් මනුස්සකම් බලාපො⁣රොත්තු වෙන්න බැහැ... මොකද.. මිශිල් තමන්ට ද්‍රෝහි වුනු තත්පරේ ඉදංම... ආයෙම පරන ජංගුක් ඇවිත් හිටියා... ඒ ආදරණීය ජංගුක්ව.. මං නම් හිතන්නෑ... ආයේ කවදාකවත් හමුවේවි කියලා...ඒ ජංගුක් ආදරේ එක්කම මැරිලා ගිහින්... ආදරේට පුළුවන්  මනුස්සයෙක් අමනුස්සයෙක් කරන්නත්... අමනුස්සයෙක්.. මනුස්සයෙක් කරන්නත්.. මිශිල්ගේ ආදරෙන් ජංගුක් මනුස්සයෙක් වුනා... එහෙම නේද..? ඒ වගේම ඒ ආද⁣රේ නිසාම ජංගුක් අමනුස්සයෙක්  වුනා... කාටද පුළුවන් ඒක එහෙම නෙමෙයි කියන්න....?

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now