final episode pt2...

522 46 32
                                    

"බො..බොස්.. ජේකේ...ජේකේ ආවා බොස්...!"

කොහෙදෝ ඉඳං හතිදාගෙන දුවගෙන ආපු ගාර්ඩ් කෙනෙක්... කකුලක් පිට කකුලක් දාගෙන නිදහසේ සිගරට් එකක් උරමින් උන්නු ඇලෙක්ස්ට කියද්දි... මිනිහගේ අතින්... එකපාරට සිගරට් එකත් බිමට වැටිලා ගියා... කවුද ඉතින් කලබල නොවෙන්නේ ඒ නම ඇහෙද්දි...?

"මොහ්...? ඇත්තද උබ කියන්නේ...? "

"ඔව් බොස්... ඌ ආවා..."

"ඌ තනියෙන්ද ඇවිත් හිටියේ...?"

"ඔව් බොස්.. ඌ තනියම ඇවිත් හිටියේ..."

"නියමයි...! ගොන් හු##නා.. මගේ වචනේ විශ්වාස කරන්න තරම් බූරැවෙක්ද ඌ..😌 එක්කං වරෙන් ඕකව.. "

"Ok boss !"

"ආහ්... අතඇරපං මාව..."

"ඒ..ඒ.. මොකද්ද තොපි ඔය කරන්නේ.. කොරියාවේ මාෆියා කින්ග්ට ඔහොමද සලකන්නේ ආහ්...?😌 කැත වැඩ කරන්නෙපා ... අතඇරපල්ලා.."

ගාර්ඩ්ලා දහදෙනෙක් විසින් අල්ලගෙන ඇරන් ආපු ජේකේව දැකපු ඇලෙක්ස් කිව්වේ නිකං කින්ඩියට වගේ...

"උබ කිව්වේ.. උබයි මායි විතරයි කියලනේ ඇලෙක්ස් ! "

"චච්..චච්..චච්... මාව විශ්වාස කරන්න තරම් උබ මෝඩයෙක්ද ජේකේ... ආශ්... මට හරි දුකයි බං උබ ගැන... "

"උබ මං ගැන දුක් වෙන්න ඕන්නෑ ප#යෝ..! බලාගනින් උබට මං කරන දේ.."

"ඒයි..මොනාද බලං ඉන්නේ ගහපං මුට.."

වටේම උන්නු ගාර්ඩ්ලට කෑ ගහලා ඇලෙක්ස් කියද්දි... කන්ටේනර් පෙට්ටිය අස්සේ උන්නු ගාර්ඩ්ලා විස්සක් විතර කැති පොරෝ අමෝරාගෙන කොල්ලා දිහාවට දුවගෙන ආවා...

"ආර්හ්... "

යකඩ පොල්ලක් උස්සන් ආපු එකෙක් කොල්ලගේ ඔලුවට ගහන්න ගියත්... බිමට නැමුනු කොල්ලා... පොල්ල අරගෙන අරෑගේ ඔලුවටම ගැහුවේ... වැදුණු පාරේ සැරට ඌ එහෙම්ම මැරිලා වැටෙද්දීයි....

"වරෙන්..."

ඇඟිලි දෙකකින්.. ඈතින් උන්නු ඇලෙක්ස්ගේ ගාර්ඩ්ලට එන්න කියපු කොල්ලා... ඒ දුවගෙන ආපු එකෙක්ගේ කකුල් දෙකෙන් උස්සලා පොළවේ ගැහුවේ අනික් එවුන් ටික තක්බීරී වෙලා යනකොටයි....

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now