8th- Episode

286 48 11
                                    

"මැණික.. ගුඩ් මෝනින්! නැගිටින්න! මං ඔයාගේ කොෆි එක අරන් ආවා....

උදේ පාන්දරින්ම කොෆි එකකුත් හදාන උස්සං ගියපු කොල්ලා ඒක ලෑම්ප් ⁣ටේබල් එක උඩින් තියලා ... අැඳ උඩින් වාඩිවෙලා කෙල්ලට කතා කරා...

"ම්ම්.. ජිනී... ඔයා කෝපිත් හැදුවද?"

"යේ!.. ඔයා තරම් රසටනම් හදන්න බෑ හැබැයි..."

කියපු කොල්ලා කෙල්ලගේ මූන පුරාම විසිරිලා තිබුණු කොණ්ඩේ කන පිටුපස රඳවනගමන් ... කෝපි පිරැණු උණුසුම් කෝපි කෝප්පය කෙල්ලගේ අතින් තිබ්බා....

"ම්ම්ම්... අනේ බබා! ඔයා මං නිසා ගොඩක් කරදර වෙනවා... මට දැන් අවුලක් නෑ.. පැටියෝ! ඔයා බොරැවට මහන්සි වෙන්න එපා..."

"එහෙම කියන්න එපා සූ..! ඔයා මෙච්චර දවස් මං වෙනුවෙන් මහන්සි උනා... ඔයාටත් දැන් අමාරැයිනේ මේ අපේ පැටියත් තියාගෙන වෙනදා වගේ වැඩ කරන්න... ඉතිං මං පොඩ්ඩක් මහන්සි උනාම මොකද වෙන්නේ...?"

කෙල්ලගේ කම්මුලක් සිනිඳුවට පිරිමදිමින් ආදරෙන් ජින් කියද්දී... කෙල්ල කොල්ලගේ අතට චූටි කිස් එකක් දුන්නා...

"ආහ්! ඇහැරැනාද මගේ චණ්ඩි පැටියා?.. ඔව් ඔව් ඔයාගේ අප්පා ඇවිත් මෙන්න!"

"චින්චා? කෝ බලන්න මගේ කෝලම! ඔම්මට කරදර කරන්නේ නැහැ මගේ පිස්සු කොල්ලා අරස්සෝ( ok?) හොඳ පැටියා වගේ ඉන්න ඕනි!"

කොල්ලා කිව්වේ සූ බොම්ගේ ඉදිරියට නෙරලා තිබුණු චූටි බන්ඩිය අතගාමින් ආදරණීයව....

"ආහ් ! ජිනී .. එයා පයින් ගහනවා!..."

"යා.. හොර ගෙඩියා... ඔම්මව හොඳට බලාගන්න ඕනේ මගේ කොල්ලා තේරැනාද ම්ම්? අප්පා නැති දවසක මගේ චණ්ඩියනේ ඉතින් ඔම්මගේ තනියට ඉන්නේ!..."

"අහ්! ජින් ඔයාමේ මොනවද කියන්නේ ආාහ්?.. ඔයාට මොනා වෙන්නද ආහ්? ඔය විකාර කියවන්න එපා... අපේ දරැවට ඇහෙන්නවත් තේරැනාද ...?"

" මියානේ මැණික! ඔයාට රිද්දන්න ඕනි වුනේ නෑ.. ඒත් මගේ ජීවිතේ කොතනින් ඉවර වෙයිද කියලා මට හිතාගන්වත් බෑ.. ජංගුක් මම ... අපි ඔක්කෝගෙම කතාව සුන්දර එකක් වෙලා නවතියිද කියලා කියන්න බැහැ... චෙබල් ඔයා මේ හැම දේකටම පුරැදු වෙන්න ඕනි පැටියෝ... මාව තේරැම් ගන්න ....!"

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now