7th- Episode

306 49 11
                                    

කාලය දින... සති... මාස පසුකරමින් ඉදිරියට ඇදුනේ... හීයක වේගෙන් .. එදා සිද්ධියෙන් පස්සේ ජංගුක්ට මිශිල්වත්... මිශිල්ට ජංගුක්වවත් අායේ මුණගැහුනෙම නැහැ.. නමුත් ජංගුක් නම් නිතරම පාහේ කෙල්ල ගැන හොයලා බැලුවා... මොකද.. ජංගුක්ටත් හොරෙන්ම කොල්ලගේ හිත කෙල්ල හොරකම් කරලා නිසා.... ඇත්තටම .. සමහර බැඳීම් තියෙනවා ඒවා අපි ආයාසයෙන් ගොඩනගා ගන්න බැඳීම් නෙමෙයි....අහම්බෙන් වගේ අපේ ජීවිත වලට ඇවිත් ... අහම්බෙන්ම වගේ අපේ හදවත් හොරාගත්තු හරි අපූරු අය මේ ලෝකේ ඉන්නවා...ඒත් ඒ සමහර අය ජීවිතේ පුරාවටම අපි ළඟ නවතින්නෙත් අහම්බයෙන්....ඒත්... එතකොට ජංගුක් සහ මිශිල් ?.. අහම්බයකින් හමුවුණු මේ දෙදෙනාගේ හමුවීම ?..එ් ගැන තීරණය කරන්න ඔබටවත් ,මටවත් අපි කාටවත් නැහැ අයිතියක් ... සියල්ල කාලයට බාරදී බලාසිටිනවා හැර...

"ආව් ආව් එක්කෙනෙක් හඳේ වගේ😏..."

අත් දෙකත් ඔලුවට තියන් කෙල්ල ගැන මනෝ පාරක් ගහං උන්නු කොල්ලා මේ ලෝකෙට ආවේ ජිමිනාගේ කටහඬට ....

"ආහ් හියුන් ! උබ කොයිවෙලේද ආවේ...?"

"ඇවිත්නම් ඉතිං දැන් ටිකක් වෙලා...😏 හැබැයි ඉතිං උබේ මූනේ මල් හිනාව දැක්කමනම් කතා නොකර පොඩ්ඩක් බලාන ඉන්න හිතුනා...."

"ආශ් ⁣! මල් හිනාව? මඟුල තමා... අනේ නිකං පලයන් බං යන්න...😒"

" ඉතිං.. ඉතිං .. කෙල්ල කොහොමද ? ලස්සනද?"

"යාාා.. මොළේ අමාරැවද මොන කෙල්ලෙක්ද බං...?"

"අනේ නිකං පලයන් හු## යන්න උබට පුළුවන්ද බං ජංගුක් මේ මාව තම්බන්න ආා...කියපං ඉතිං කෙල්ල කොහොමද ? කොහෙන්ද හොයාගත්තේ .. ක්ලබ් එකේ බඩ්ඩක් එහෙම නෙමෙයි නේ...?"

"කවුද බඩ්ඩ? අඩෝ අඩෝ තොපි දෙන්නා මාවත් හලලා ඊයේ ක්ලබ් ගිහින් ආතල් අරගත්තද? ඕයි ඔව්වා කැතවැඩ ආා😒"(tae)

" ආයිශ්! තෝ රෙද්දක් කියවනවා .. මං මේ මුගෙන් කෙල්ල ගැන අහ අහ හිටියේ අඩේ මූ තනියෙන් හිනාවෙනවා බං..😂"

"සිරාවටම මාත් මේ උබට කියන්න කියලා හිටියේ බං මූ දැන් ලඟකදි ඉඳලා කොයිවෙලේ බැලුවත් මනෝපාර දාං ඉන්නේ බං😂..."

"ආශ්! තොපි දෙන්නා එක්ක බෑ හු## මං යනවා යන්න😒"...

"යා..යා.. කොහෙ යන්නද ..? අපි තාම කතා කරල ඉවර නෑ... මෙතනින් වාඩිවෙයන්කෝ පොඩ්ඩක් ඉතිං!.."(tae)

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now