17th - Episode

222 41 9
                                    

ඇත්තටම අාදරය කියන්නේ මොකද්ද ? මං  එහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඔයා මට දෙන උත්තරේ මොකද්ද?? සමහරවිට ඔයා කියයි ...ආදරේ කියන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම දේ... ඔව් ඔයාට එහෙම කියන්න පුළුවන් මොකද මං ඇහුවේ සමස්තයක් ලෙස ආදරය කියන්නේ මොකක්ද කියලා නිසා.... හැබැයි මං මෙහෙම ඇහුවොත්? සැබෑ ආදරය කියන්නේ මොකද්ද කියලා...? එහෙම නැත්තං ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ගැන ඔයාගේ හිතේ හටගන්න ඒ හැඟීම නොහොත් ආදරය කියන්නේ මොකද්ද කියලා? එතකොට ඔයාගේ උත්තරය මොකක් වේවිද? සමහර විට ඔයා කියයි... ආදරය කියන්නේ හරි සුන්දර අකුරැ හතරකින් යුතු හරි ලස්සන හැඟීමක් කියලා... තවත් අයෙකුට කියන්න පුළුවන් ආදරේ කියලා දෙයක් මේ ලෝකේ නැහැයි කියලා... ඒ වගේම තව කෙනෙකුට කියන්න පුළුවන් ආද⁣රේ කියන්නේ ආශාවන්ගෙන් පිරැණු ..මුලාවෙන් යුතු රැවටීමක් කියලා.... ඒ ප්‍රශ්නෙම ඔයා මගෙන් ඇහුවොත්.. සමහර විට මගේ උත්තරය අර උත්තර තුනටම වඩා වෙනස් එකක් වෙන්න පුළුවන් .. මං කියාවි.. අම්මා තාත්තා කරන ආදරේට වඩා ආදරයක් මේ ලෝකේ නැහැ කියලා...එතකොට එ්ක කොහොමද එහෙම වුනේ...? ආදරය කියන්නේ හැමදෙනාටම පොදු හැඟීමක් නම්.. ඇයි අපේ උත්තර එකිනෙක පරස්පර විරෝධී වුනේ...??  ඒ අපේ වින්දනයේ සීමාව නිසා නෙමෙයිද? අපි හැමෝගෙම ආකල්ප එකිනෙකට වෙනස්... ඔයා හිතන විදියට නෙමෙයි මං හිතන්නේ... මං හිතන විදියට නෙමෙයි තව කෙනෙක් හිතන්නේ...මේක තමා විවිධත්වය ... එතකොට ඒ රාමුව තුල ඉඳගෙන ආදරය කියන එක නිර්වචනය කළොත්....ආදරය කියන්නේ නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි හැඟීමක් ... ඒ ඒ පුද්ගලයාට හැඟෙන දැනෙන ප්‍රමාණයට අනුව තමා ... ආදරේ කියන්නේ මොකද්ද කියලා තීරණය වෙන්නේ... එතකොට ජංගුක් ? අපි එයාගෙන් ආදරේ කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එයා අපිට මොන වගේ පිලිතුරක් දේවිද? සමහර විට අපි ඒ ප්‍රශ්නේ ජංගුක්ගෙන් කලින් ඇහුවොත්... එයාගේ පිලතුර... හාත්පසිම්ම වෙනස් එකක් වෙන්න බැරි නෑ... අපි ජංගුක් ගෙන්ම අහමු... ආදරය එයාට කොහොමද දැනෙන්නේ කියලා....

Previous chapter ...

ජ...ජංගුක් ..ඔ..ඔයා?

Today chapter

Jungkook pov ...

දහසකුත් ප්‍රශ්න හිතේ තියාගෙන කාමරේට ආපු මගේ දනිහිසත් එක්කම පන නැති වේගෙන ආවේ.. මීට කලින් ඇසින් දුටු සාක්ෂි මේපාර ඇසිනුත් කනිනුත් දෙකෙන්ම තහවුරැ නිසයි... මේ.. මේක විශ්වාස කරන්න පුළුවන්ද?  හරියට නිකන් හීනයක් වගේ... මේ ලෝකේ වැඩියෙම්ම මං ආදරේ කරන කෙල්ල? එයාට පුළුවන්ද මට එහෙම කරන්න...මිශිල් කොහොමද එහෙම කරන්න...? මගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්ව හැම දේම... ඒ ඇස් වලින් මං දැක්ක හැමදේම ඒවා ඔක්කොම බොරැවක්ද?? ගෑනු ඔක්කොම මෙහෙමද? සල්ලිවලට ආදරෙත් පාවලා දෙන්න පුළුවන්ද? මට මං ගැනම කලකිරැනා... මෙච්චර කාලෙකට කිසි ගෑනියෙක්ට ලං නොවී ඉන්න මං කොච්චරනම් උත්සහ කරාද? ආශ්..! මේ ඔක්කොම මගේ වැරදි... මමයි ඒකිට ආදරේ කරේ... මට තිබුනා .. කවදාවත් ඒ ඇස් දිහා නොබල ඉන්න... පලවෙනිපාරට ගෑනියෙක්ට ආදරේ කරලා... මං මගේ ජීවිතේම වලකට දාගත්තා... ඇති.. දැන් හොඳටම ඇති... යුනාරට වෙච්චි දේ... අනිවාරෙන්ම ඒක කරන්න ඇත්තෙත් මිශිල් ! කොහොමද ඒ ගෑනි අර අහිංසක කෙල්ලට එහෙම කරේ...? අඩුම  කරන්න හිතන්නෙවත්...? අර පාහර ප## ඒ කෙල්ලගේ ජීවිතේ විනාස කරනකං මේකි කොහොමද බලං හිටියේ...? මගේ මුලු ඇඟම පිච්චිලා යන තරමේ කේන්තියක් එද්දී... මට හිතුණේ ඒකිව එකපාරම මරලා දාන්න... ඔව් මට එහෙම කරන්න පුළුවන් .... ඒත් මොකද්දෝ හේතුවකට මට තාමත් ඒ ඇස් දිහා ඒ විදියට බලන්න බෑ.... ආශ්... මොන හු## ද මේ... දැන් ඇති... දැන් හොඳටම ඇති... මේ ගෑනි නිසා මට තව කාවවත් නැති කරගන්න බැහැ... අද මේකෙන් දෙකෙන් එකක්  විසඳගන්න ඕනේ..

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now