"ටේහියුන්... අපි යං..."
සුදු මල් පොකුරක් අතේ තියාගෙන... බිමට හැරවුනු ඇස් වලින් ඔහේ බලාගෙන හිටපු ටේගේ පිටට තට්ටුවක් දාපු ජින් එහෙම කිව්වත්...කියපු දේ නෑසුනාක් මෙන්...කොල්ලා ඔහේ.. බලාගත්තු අතම බලං හිටියා....කොල්ලගේ මූන සුදුමැලි වෙලා ගිහින්... සමහරවිට ඒ කල්පනාකරලම වෙන්න ඇති...සුදු පාට ඒ පිරිපුන්.. ශක්තිමත් පිරිමි කය... අද වැහැරිලා ගිහින් තිබුනා...ජීවිතේ මොන තරම්නම් අස්ථිරද?... ටේහියුන් කවදාකවත් නොහිතන්න ඇති.... ඇත්තටම තමන්ගේ ඉරණම මේ විදියටනම් විසඳේවියි කියලා....බැඳීම් කියන්නේ මේ තරම් සංකීර්ණ දෙයක් කියලා... කොල්ලා දැනං උන්න නම්... කවදාකවත් කොල්ලා එහෙනම් බැඳීමක් ඇති කරගන්න එකක් නැහැ... ඔව් එහෙම වේවි සමහර විට...
කල්පනා කරන්න... නොයෙකුත් දේවල් හිත ඇතුලේ එහෙමෙහෙ ඔබමොබ සැරිසරන්න ගත්තත් ඒ කිසිම දෙයක් ගැන හිතන්න කොල්ලට ශක්තියක් නැහැ....හීන් සීරැවට ඇද වැටෙන හිරි පොද වැස්ස එතරම් තද නොවුනත්... බවුන් වඩන එකෙකු මෙන්...ගල්ගැසී ඔහේ ඉන්න කොල්ලගේ.. සුදු පාට ශර්ට් එකම තෙතබරිත කරන්න ඒ වැස්සට පුලුවන් වුනා.... වැහි බිංදු රැඳුණු සකුරා මල් අතරින් හමා එන සුළඟ ඇත්තෙන්ම සුවදායකයි.... නමුත් මේ කිසිවක් රිසි සේ විඳින්ට පුලුවන් පිරිපුන් මානසිකත්වයක් කොල්ලට තිබුනේ නැහැ...කොල්ලා කලේ... හැමවෙලේකම... තමන්ගේ සුන්දර මතකයන් අතර හිර වෙච්ච එකයි.....
"ඔප්පා....."
"ම්ම්ම්...."
"මං දෙයක් අහන්නද...?"
"අහන්න බලන්න..."
" ම්ම්.. ඔයා ආසම මල මොකද්ද...?"
"ම්ම්ම්ම්..... ජන්ග්මි..."
"රෝස මලද???"
"හ්ම්..."
"ඇයි රෝස මලටම කැමති...??"
"අම්... එ්ක ලස්සනයි... සුවඳයිනේ..."
"ඒ හින්දද ආස?"
"හ්ම්.. ඔව් "
"ම්ම්ම්...."
"ඔයා ආසම මල මොකද්ද...?"
YOU ARE READING
vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔
Fanfiction"කියපං! ඇයි මට බොරැ කරේ? ආා..? කියපං ඉතින්🤬" "ම..මං බොරැ කරේ නෑ ජ..ජංකුක් අනේ මාව විශ්වාස කරන්න මං ඔයාට ආදරෙයි ජංකුක්.. මට්..බෑ කවදාවත් ඔයාට බොරැවක් කරන්න''...