දෙවන පරිච්ඡේදය

1.1K 242 128
                                    

බෝනස්

ශාන් පැය කිහිපයක් පුරාවට පාත්තිය කොටමින් ඉන්නේ... ඉහෙන් කනින් දාඩිය වැක්කෙරෙමින් කොල්ලා හෝ ගාලා වැඩ කරන්නේ මේ වැඩේ අදවත් ඉවර කරගන්න කියලා හිතාගෙන..

හැමදාම ශාන්ගේ ජීවිතේ මේ විදියටම ගෙවිලා යාවිද.. අවුරුදු 17ක් තිස්සේ දුකම විතරයි.. ආසාවට වත් ටොෆියක් චොකලට් එකක් දෙන්න කෙනෙක් උන්නේ නෑ.. අවුරුද්දට නත්තලට කියලා තෑගි ලැබුනේ නෑ... රජයෙන් කොච්චර ආදාර ලැබුනත් මඩමෙ ළමයින්ට ඒවයි කිසිවක් ලැබුනේ නෑ වගේම... ශාන් වගේම අනිත් දරුවොත් සතුටින් උන්නේ නෑ..  හැබැයි ශාන් මෙතන ඉන්න ඔක්කොම ලමයින්ට වඩා හැම අතින්ම දක්ෂ නිසා රොබටි ශාන් එක්ක පුදුම කේන්තියකින් උන්නේ..  හේතුවක් කියලා දෙයක් ඒකට විශේෂයෙන් තිබුනේ නෑ...

අදුර වැටීගෙන එද්දි ශාන් උදැල්ලත් සෝදලා කකුල් දෙකත් සෝදගෙන ආවේ දවල් උන්න ගහ මුලට...

🐰 බෝදී...බබා.. අපි යමු.. දැන් අදුර වැටීගෙනනේ එන්නේ...

ශාන්ව මුර කරන්න කියලා යීබෝ පොත් බෑග් එකත් උස්සගෙනම ආවේ ඉස්කෝලේ වැඩ ටිකත් කරන්න... කොල්ලා වැඩ ටික ශාන්ගෙන් අහන් කරලා එතනම හාන්සි වෙද්දි ශාන් වැඩ අතරෙම සැරින් සැරේ ආවේ කොල්ලව මදුරුවෝ එහෙම කනවද බලන්න...

🦁 ම්ම්ම්හ්ම්ම්...

🐰 ශෝක් මුරකාරයා.. ශන්ගව හොරු අරන් ගියානම් තමයි වැඩේ...

🦁 ශන්ගා වඩා....

වඩාගත්තම කකුල් බිම ගෑවෙන ලොකු බබෙක් දැන් යීබෝ කියන්නේ.. ඒත් කොල්ලා අත් දික් කරාම ශාන් ඉතින් කොච්චර මහන්සි උනත් කොල්ලව උස්සන් යනවා... අද දවසෙම මහන්සි උන නිසාම ශාන්ගෙ යටිපතුල් දෙකත් තුවාල වෙලා අමාරුවෙන් ඉන්නෙත්...

🐰 කෝ එන්න...

ශාන් යීබෝව අත් දෙකට උස්සගෙන යීබෝගේ පොත් බෑග් එකත් කරේ දාගත්තා..

🦁 හෑස්......

උඩ බලාගෙන ලොකූ ඈනුමක් ඇරපු යීබෝ ශාන්ගේ බෙල්ල බදාගද්දි , මඩමෙ පිටිපස්සෙ දොර ගාවට ශාන් අඩිය තියද්දිම ඉනට අත් දෙකත් තියන් රොබටි කේන්තියෙන් ඉද්දි ශාන් එක තැනම ගල් වෙලා බිම බලාගත්තා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now