විසි හයවන පරිච්ඡේදය

800 198 84
                                    

ශාන් මිසිස් වන්ග් හා නිවසට එනවිට යීබෝ ඉන්නවා ඔංචිල්ලාවට වෙලා පැද්දී පැද්දී... ශාන් පැය බාගෙන් එනවා කිව්වත් ශාන්ලා එන්න පැයකට වඩා ගියේ ශාන් මමාට කන්න හොදයි කියලා හිතුන දේවල් වගේම යීබෝට කඩචෝරු රොත්තක් ගන්න ඕන නිසා.. ඒවා ඉතින් යිබෝ දන්නෑනේ.. කොල්ලා ඉන්නවා තැලිච්ච කෙසෙල් ගෙඩියක් වගේ පැද්දී පැද්දි අහකත් බලාගෙන...

🦁 දැන් ඉතින් එයී.. අඥේ...පඥේ..  පලක්කූ උනාඥේ...හ් කියාගෙන.. වරකෝ දෙන්නම් බොට...

කාර් එක ගේට්ටුවෙන් ඇතුළට එද්දිම මුණු මුණු ගාපූ යීබෝ ඔංචිල්ලාවේ ඉදන් එක දිගට කැරකිලා කැරකිලා ලනුව අබර ගත්තා... පුළුවන් උපරිමෙන් අබරගෙන ඉවර වෙලා යීබෝ කකුල් දෙක උඩට ගද්දී ඔංචිල්ලාව වේගයෙන් කැරකෙන්න ගද්දී ශාන් බය උන පාර කාර් එක ලොක් කරලා කියලත් අමතක වෙලා හෝ ගාලා දොර අරින්න යනවා දැක්ක මිසිස් වන්ග්ට ගියේ හිනාවක්..

" අද අරයා ඉන්නේ නම් උපරිම කේන්ති ගිහින් හොදේ...පරිස්සමෙන්..."

🐰 ඈහ්...

මිසිස් වන්ග් කිව්ව කුනුහරපෙ තේරුම් ගන්න බැරුව ශාන් යීබෝගේ එරෝප්ලේන් ටෝන් එකට කැරකෙන ඔංචිල්ලාව දිහාත් මිසිස් වන්ග් දිහාත් මාරුවෙන් මාරුවට බලන්නට උනා..

" ඉස්සරත් ඔහොම කරනවා.. උපරිමයෙන් කේන්ති ගියාම..."

🐰 අයියෝ මමා අපි පරක්කුයිනේ...

" හොද වැඩේ.. දැන් මාව ගෙයින් තියලා ගිහින් ඔයාගේ බෝම්බේ බලාගන්න..."

🐰 අයියෝ..

" කරන්න දෙයක් නෑ.. පවුල් කද්දි ඕවා සාමාන්‍යයයි.."

මිසිස් වන්ග් හිනාවෙලා කියද්දි ශාන් දැම්මේ හෙන මෝඩ හිනාවක්... මොනවා කරන්නද ඉතින් කියලා හිතන්... කොල්ලා එලියට බැහැලා මිසිස් වන්ග් ව උස්සලා ගද්දි යීබෝ අනිත් පැත්තටත් කැරකෙනවා...

🐰 ආයී.....ශ්... කටුඅත්ත මගේ...

කොල්ලා මිසිස් වන්ග් ව ගෙයින් තියලා.. ගෙනාව බෑග් ටිකත් උස්සන් ගිහින් සාලෙන් තියලා යීබෝ ගාවට යන්න යද්දි ශාන්ගේ උරහිසින් අතක් තිබ්බේ වන්ග්...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now