අටවන පරිච්ඡේදය

960 227 74
                                    

💎 මචං යීබා... නැගිටපන්... අඩෝ උබේ ඇග ගිණි කබලක් වගේ රස්නෙයිනේ බන්...

පාන්දර යාමයේ සිහිනෙන් බය වෙලා නැගිටපු යීබෝ පැය දෙක තුනක් අවදියෙන් උන්නේ අඩ අඩ... යීබෝ හිතන්නෙම එයාලට වෙන් වෙන්න උනේ යීබෝගේ වරදින් කියලා...

ඒත් ඉතින් ඇත්තම කතාව නම්‍ යීබෝ කියන්නේ එතකොට පුංචි දරුවෙක්...අර ලස්සන ඇදුම් දැක්කාම කොල්ලගෙ පුංචි හිත පිස්සු වැටිලා ගියා... ඒක එයාගේ වරදක් කියන්නම බෑ.. ඒක එයාගේ නොතේරුම් කම.. ශාන්ට තේරුන දේවල් යීබෝට තේරුනේ නෑනේ...

🦁 ම්ම්... බිනා...

💎 අඩො උබට අමාරුයි බන්... යමන් බේත් ටිකක් ගන්න...

බින් මේ ආවේ උදේම යීබෝ එක්ක මඩමට යන්න උනත් යීබෝගේ ඇග හොදටම රත් වෙලා තියනවා දැක්කාම මඩම පැත්තකට දාලා බින් ලෑස්ති උනේ හොස්පිටල් යන්න...

🦁 යන්... හැබැයි මෙතනම මැරිලා වැටුනත් අද මට මඩමට යන්න ඕනා.. මගේ මේ ලෙඩ වල ඉවරයක් නෑ... ඒවා ඉවර වෙන්න නම් ශන්ගා ආපහු එන්න ඕනා..

💎 යමන් යමන් ඉතින්... හිතුවක්කාරකම වැඩියිනේ උබේ...

පණ්ඩිතයා වගේ කියෙව්වත් යීබෝට නැගිටගන්නවත් පණක් නැති නිසා බින් තමයි කොල්ලට හෝදගන්නත් උදව් කරේ... අන්තිමට දෙන්නම උදේට ටිකක් කාලා බේත් ගන්නත් ගිහින් වන්ග් දුන්න එඩ්‍රස් එක හොයාගෙන යන්න පිටත් උනා...

💎 ආ... බේත් ටික බීලා ඉදපන්කෝ... ඊටපස්සෙ යමන්...

යීබෝ නම් බේත් වලට පින් සිද්ද වෙන්න නිදාගද්දි පැය 4ක් එක දිගට ගමන් කෙරූ බින් අවසානෙදි මඩම ඉස්සරහා නැවැත්තුවේ වාහනේ යීබෝව අවදි කරමින්..

💎 යීබෝ නැගිටපන්.. මේකද බලපන් තැන...

🦁 ම්...

කෙදිරි ගාගෙන නැගිට්ට යීබෝ වටපිටාව බලද්දි දැක්කේ අර මූසල මඩම... කිසිම වෙනසක් නෑ... කලු ලොකු ගේට්ටුව ඒ විදියමයි...හැබැයි දැන් නම් හොදටම අබලන් වෙලා...
ඒ තාප්පේ දැන් දියසෙවලත් බැදිලා.. කාලෙකින් සුද්ද කරලා නෑ වගේ..

🦁 ඔව්.. මේක තමයි තැන.. හෝන් එක ගහපන්කෝ...

බින් එක දිගට කීපවරක්ම හෝන් එක ගැහුවත් ගේට්ටුව නම් ඇරුනෙම නෑ... බැරිම තැන බින් කාර් එකෙන් බැහැලා ගිහින් ගේට්ටුවට හයියෙන් තඩි බෑවත් කවුරුත් ආවේ නෑ...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now