විසි අටවන පරිච්ඡේදය

754 192 71
                                    

බෝනස්.....

කුමකින් කුමක් සිදු වූවත්
අද මෙතැන..
සැගවිය යුතු නොවෙයි මේ
කිසි දෙය ඔබ හට..
දිනයක ඔබ මාගෙන් වෙන්
වූ වොත් ඈ ලෙසට...
හදවත පැලී මිය යාවි මා
ඒ දුකට....

දිනයක් හෝ සතුටින් මා අසලින් උන් ඔබව...
නැතිවිය හැකියි මා මෙය පැවසූ
විටම...
එනමුත් සත්‍ය කිසි දිනයක බෑ
සගවන්න....
එ බැවින් මා අද සියල්ලක් පවසනවා නුඹට.....

👨 ශියාඕගෙන්....

කිසිම සද්දයක් නොමැතිව තිබු සාලයේ විටින් විට ඇසුනේ ශියාඕගේ සුසුම් පහරක් පමණයී..  ශියාඕ කොයි වෙලාවක හරි හඩ අවදි කරනකල්ම ශාන් යීබෝ දෙන්නා සද්ද කරෙ නෑ...

" ඉතින් මුද්ද දාන්නකෝ පුතේ..එයාට ප්‍රපෝස් කරන්නකෝ..."

ශියාඕ ශාන් දිහා බලන් ඉද්දී යීබෝ විතරක් නෙවෙයි ශානුත් පුදුම උනා.. මේ දේවල් මේ විදියට කරන්න ඉතින් ශාන් ප්ලෑන් කරලා තිබ්බේ නැතත්.. දැන් ඉතින් මේ වෙලාවේ කරන්න උනත් ශාන්ගෙවත් යීබෝගේ වත් ඒකට අකමැත්තක් තිබ්බේ නෑ...

🐰 හරි පපා...

ශාන් යීබෝගේ අතකින් අල්ලන් සාලේ මැදට ආවා... එලිය බල්බ් ඔක්කොම නිව්ව ශියාඕ අඩ ආලෝකයක් සාලේ හදා ගත්තා....යීබෝ සාලේ මැද ඉදන් කැරකි කැරකි හිනාවෙද්දී ශාන් යීබෝ ලගම දණින් වැටෙද්දි යීබෝ අඩන්න ඔන්න මෙන්න ඉන්නවා..

🦁 පපා අනේ.. ඔහොම ඕන්නෑ.. නැගිටින්නකෝ...

🐰 නැගිටින්නම් ඉතින්.. මැණික.. මෙන්න තියෙනවා අපේ පපා දුන්න ලස්සන මුද්ද... මට අවසර දෙනවද බබා ඒක ඔයාගේ ලස්සන ඇගිල්ලේ පලදවන්න... මට අවසර දෙනවද ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න... ඒ වගේම මට අවසර දෙනවද මගෙ මැණික මගේම කරගන්න... ඔයා මාව කසාද බදින්න කැමති වෙනවද බබා.. ම්ම්..පපාගෙම වෙනවද කියන්න...

ශා මුදුවත් දික් කරන් සිනහවෙන්ම අහද්දි යීබෝ කදුළු සලමින් වේගයෙන් හිස දෙපැත්තට වනලා ආයේමත් ඔලුව උඩට යටට වැනුවේ කදුළු අස්සෙන්ම හිනා වෙලා... ශාන් නැගිටලා ඒ මුදුව පලදවලා යීබෝගේ කනකට බර උනා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now