තිස් එක්වන පරිච්ඡේදය

764 190 61
                                    

අදුරු වූ අහසින් කියාපෑවේ මෙයද
සීතල සුළං හමලා කීවේ මෙයද
නිසලව හිදින්නේ ඔබ නොවෙද
මෙතරම් විගසින් හැරගියේ මන්ද

සිරුරම සීතලයි
දරදඩුයි අද..
ඇහිපිය නොසෙල් වෙයි
සුසුමක් නොහෙලයි අද..
නපුරුකමක් නම් අද
මේ මුහුණ මත..
චායාවක් වත් ඇත්තේ නෑ
මේ මුහුණ මත..

යන්නට කලියෙන් මදක්
අප දෙස බැලුවාද..
ඒ ඇස් වල තිබුනේ
ආදරයක් නොවෙද..
සමාවක් ඔබට දෙන්නට
ඔබ පැවසුවාට..
සමාවක් කුමට අප
දෙදෙනා තරහා නෑ නොවෙද..

සුදෝ සුදු පැහැති සුදු කොඩි මුළු අවටම අලංකාර කර තිබුනා.. අවටින් හමාගෙන ආව සුලගත් අද හැමුවේ ඉතාමත් සෙමින්.. අදුරනවා යැයි කියන කිහිප දෙනෙකුම ඇවිත් අවසන් ගෞරව දක්වා පිට වෙද්දී අවසානෙට ඒ මළකද අසල සිටියේ පුංචි කාලේ ඉදන් වෙනස් කම් කරමින් තමන් විසින්ම බලහත්කාරකමින් වෙන් කෙරු දරුවන් දෙදෙනා පමණයී ...

" පුතේ තව පැයකින් බොඩි එක ගෙනියනවා..."

🐰 හා පපා... ඇනී ආච්චි අම්මාව අපි එක්කගෙන යමු.. අපි දෙන්නා පස්සෙ මේ පැත්තට එන්නම් පපා.. බෝදී බබා.. යන් කන්න.. ඔයා මුකුත්ම කෑවේ නෑනේ වස්තුවේ.. පහන නෙවෙයි කිය කිය සැරින් සැරෙ තෙල් දදා උන්නනේ...

🦁 පපා මට දුකයි පපා... එයා අන්තිමට කියපුවා...

යීබෝ ශාන්ගේ බඩ බදාගෙන කෑ ගහලා ඇඩුවේ පෙරදා රැයේ අපහසුවෙන් නමුත් තම දෑත් අල්වාගෙන ඈ පැවසු වදන් නැවත නැවත සිහි කරමිනි...

පෙරදා රැයේ ශාන්ට පැමිණි දුරකතන ඇමතුම නිසාවෙන් ශාන් යීබෝවත් කැටුව ඉක්මනින් ආවේ මඩමට... ඒ එද්දිත් මැඩම් රොබටි , එහෙමත් නැත්තම් ශාන්ගේ ලොකු අම්මා.. එයා මේ ලෝකේ දාලා යන්න ඔන්න මෙන්න...

" ශාන්......ම්....."

🐰 ලොකු අම්මා...අනේ....😥😥

ශාන් අඩාගෙන රොබටි ගාවට යන්න ගියත් රොබටි එන්න දුන්නෙ නෑ..  මේ වෙද්දි රොබටි උන්නේ කුණු උන ශරීරයකින්... ඉතින් රොබටි බය උනා ඒ විසබීජ තම දරුවන් දෙදෙනාට යාවී කියලා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now