විසි නවවන පරිච්ඡේදය

750 192 52
                                    

නොසිතු මොහොතක ශාන්ට ලැබුනේ යීබෝගෙන් කම්මුල් පහරකි... හිතේ දුකින්ම ඉන්නැද්දි මෙහෙම ගහන්නේ ඇයි කියලා අහන්නවත් ශාන් ඔලුව උස්සන්නේ නැති කොට යීබෝ ශාන් ගාවම බිම දණ ගහ ගත්තා.. ශාන් ඔලුව ඉස්සුවේම නෑ...

🦁 මගෙ රත්තරන් ඔලුව උස්සන්න මහත්තයෝ....

යීබෝ ශාන්ගේ මුහුණම අත් දෙකට මැදි කරන් ඒ මුහුණ ඉස්සුවා.. යීබෝගේ කනේ පාරට පින් සිද්ද වෙන්න ශාන්ගේ කම්මුලක යීබෝගේ අතම හිටලා තියෙද්දි යීබෝ ශාන්ගේ කම්මුල සිප ගත්තා..

🦁 අඩන්න ඕන්නම් අපි අඩමු... දෙන්නම අඩමු.. ඒත් මැරෙන්න ඕනා කියන්න එපා.. ඔයාගෙ බෝදීට ඔයා මැරුනොත් මොනවා වෙයිද කියන්නකෝ... මන් ආයෙමත් පිස්සෙක් වෙයි නේද.. ඔයා කැමතිද මන් පිස්සෙක් වගේ පාරක් පාරක් ගානේ ගිහින් ඔයාව හොයනවට.. කැමතිද මන් කාණුවක් අස්සේ මැරිලා ඉන්නවට.. කියන්න පපා.. ඔයාගෙ බෝදීට ඔයා නැතුව චුට්ටක් වත් ඉන්න බෑ... මන් ඉන්නේ ඔයා වෙනුවෙන්.. ඔයා නැති උන දවසට මේ යීබෝ කියන නමත් නැති වෙලාම යාවී...

🐰 මැණික... එයාලා මාව අතෑරලා... ඊට වඩා හොද නැද්ද මන් මැරෙන එක.. මට දුකයි.. එයාලා දාලා ගිහින්...දැන් පපාම හොරෙන් ඇවිල්ලා..  මට දුකයි පැංචෝ.. මට හරිම දුකයී...

ශාන් පුංචි එකෙක් වගේ යීබෝගේ පපුවට තුරුල් වෙද්දි යීබෝ ශාන්ගේ හිස අතගෑවා.. දුකක් දැනුනම ඒ කෙනාව පපුවට තුරුල් කරගන්න උනුසුම් පපුවක් තිබ්බොත්...ඒ දුකින් ඉන්න කෙනාට පුළුවන් ඇති පදම් අඩලා අර උනුසුම අස්සෙම දුක නිවාගන්න...

🦁 මැරෙන එක විසදුමක් නෙවෙයිනේ මගේ පපා.. අපි ජීවත් වෙන්න ඕනා.. ඔයාට දුකයි මන් දන්නවා.. චූටී කාලේ ඉදම්ම අර මඩමක් අස්සෙ ඉදන් ඔයා දුක් වින්දා.. හරියට කන්නවත් ලැබුනේ නෑනේ මගෙ පපාට.. මන් දන්නවා ඒ දේවල් මතක් වෙද්දි ඔයාට දුකයි...ඒ වගේම තරහයි කියලා... ඒත් අහන්න පපා... අර ඇතුලේ ඉන්නේ අවුරුදු 10ක්.. ඔයාව මලක් වගේ පරිස්සමෙන් බලාගත්ත පපා නෙවෙයිද.. හරි අපි හිතමුකෝ එයා ඔයාව අතෑරියා කියලා.. ඒක කියන්නේ ඔයානේ පපා.. අපි දන්නවද පපා එයාගෙ කතාව මොකක්ද කියලා...

පපා ඔයාම මට කියලා දුන්නා මාව අරන් හදාගත්ත මමා පපාව තනි නොකර බලාගන්න විදිය.. ඉතින් ඔයාගෙ පපා කියන එක අමතක කරලා ඔයාව අරන් හදාගත්ත පපා කියලා හිතලා එයාට ආදරෙන් සලකන්න පපා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now