හයවන පරිච්ඡේදය

960 226 72
                                    

සොයා එන්නම්..

හිතක් රිදෙද්දි සැනසෙන්න උරහිසක් තියෙනවානම් ඒ උරහිසට හිස තද කරන් දුක නැති වෙනකල්ම අඩන්න පුළුවන්.. ඒ උරහිස තමන්ගෙ හොදම යාලුවගෙ උනොත් ඒක ඒ දුකින් ඉන්න කෙනාට තවත් ලොකු හයියක්...

කිසිම සද්දයක් නැතුව උන්න යීබෝ අවසානෙදි ඔලුව ඉස්සුවේ ඇස් ගිනි බෝල වෙලා තියෙද්දි...

💎 මචං බීම එකක් අරන් එන්නම්... ඊටපස්සෙ කියපන්...

🦁 ම්ම්....

*

*

*

එයාපෝට් එක තුළ...

යීබෝ ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් එලියට එන්න ඉක්මනින් ඉක්මනින් ආවේ අවුරුදු 2කට පස්සෙ දකින තමන්ගෙ අතිජාත මිත්‍රයා දකින්න තියෙන ආසාවට...

කොල්ලා බැගේජ් එකත් තල්ලු කරන් පිටෙත් බෑග් එකක් දාන් පිස්සු හැදිලා වගෙ දුවන් ආවේ තාමත් පොඩි කාලේ වගේ කොල්ලට විසේ නිසා...

වටපිටාවෙත් සෙනග වැඩි නිසාම කොල්ලා ඉක්මනින් අඩි තියලා යන්න යද්දිම ඉස්සරහා සෙට් එකක් ඉන්නවා වලියක්ද මොකක්ද මන්දා.. කොල්ලට දැන් ඕවට ඔලුව දාන්න වෙලාවක් නෑ... කොල්ලා එතනින් මාරූ වෙලා අනිත් පැත්තෙන් යන්න අඩි දහයක් යන්න හම්බුන්නෑ...යීබෝ වගේම කලබලෙන් ආව තවත් කොල්ලෙක් යීබෝගේ ඇගෙ හැප්පුන පාර යීබෝ බිමටම විසික් වෙලා ගිහින් වැටුනේ බෑග් ඔක්කොම බිමට වැටෙද්දි....

🦁 ආව්...මොන මගුලක්ද හලෝ.. ඇස් කටේ දාගෙනද යන්......අහ්....

යීබෝ බිම වැටිලම ඉන්න ගමන් ඒ කොල්ලට බැන්නේ ඒ වැටුන පාරට ඒ කොල්ලට කිසිම හානියක් නොවි යීබෝ විතරක් හෙන ගැහුවා වගේ වැටුන නිසා... කොල්ලා පස්සත් ඇනගෙන බැනගෙන බැනගෙන යද්දි ඒ කොල්ලගේ වැටුන බෑග් එකත් ඇහිදන් ඒ කොල්ලා යීබෝ දිහාට හැරිලා...

🐰 සොරි.. මිස්ටර්.. අත දෙන්න නැගිට්ටවන්නම්....

කොල්ලා කතා කරනවා යීබෝට ඇහුනේ හීනෙන් වගේ... ඉස්සරහා උන්න රූපේ දැකලා යීබෝ ගල් ගැසුනේ අවුරුදු 10කට කලින් තමන්ට අහිමි වෙලා ගිය රූපේ ටිකක් වෙනස් වෙලා තමන්ගෙ ඉස්සරහා ඉන්නවා දැකලා...ඉස්සර උන්න අහිංසක මූණ වෙනුවට අද ටිකක් නපුරු මුහුණක් තියෙන්නේ.. හැබැයි ඒ ඇස්.. ඒ ඇස් එදා වගේමයී.. මුළු ලෝකෙම එක පාර තමන්ගෙ අත් දෙක උඩට ඇවිත් වැටුනා වගේ දැනෙද්දි යීබෝගේ ඇස් වලින් කදුළු ගලාගෙන යද්දී...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now