දාහත්වන පරිච්ඡේදය

983 215 68
                                    

යීබෝ ඔලුවත් කසාගෙන ශාන්ට තුරුල් උනේ තව පොඩ්ඩෙන් බයිට් කරපු එකත් කියවෙන්න ගිය නිසා...ශාන් සද්ද නෑ...

🐰 හෙලෝ ඩොක්ටර් ශියාඕ ශාන්.. පිස්සු බලු රෝගෙට බේත් කරනවා නේද... හඃ හඃ හා... මගේ බලු කුක්කා...

🦁 හඃ ශන්ගා... ඔයා කොහොමද

යීබෝ උන්නේ ලෝක පුදුම හතෙන් එකක් දැකලා වගේ පුදුමෙන්... ශාන් කොහොමද අදුනගත්තේ...

🐰 ඔච්චර පුදුම වෙන්න එපා ඉතින්.. ඔයාගේ සේරම හොයාගත්ත මට ඔයාගෙ නම්බර් එක හොයාගන්න බැරිද... ඔයාගෙ නම්බර් එක ඔයා රට යන්න කලින් ඉදන් මන් ගාව තිබ්බනේ... ඒත් ආයේ ආව ගමන් මට ගනී කියලා කවුද හිතුවේ.. මෙන්න බොලේ මගෙ මැණික මට කෝල් කරනවා... ඒකත් පිස්සු හැදුන බලු කුක්කෙක් වෙලා.. මගේ බෝල ගෙඩිය...

ශාන් නම් මේ කතා කරන්නේ නිකන් නෙවෙයි.. හොදටම හිනා වෙවී.. ඒත් යීබෝ... යීබෝගේ මූණෙ නම් කිසිම සතුටක් නෑ.. මොකක්ද හේතුවක් නිසා කොල්ලට දුක හිතුනා එයා නිකන් මුල ඉදලම රැවටිලා කියලා... ඇත්තටම බැලුවොත් එයා ලගම ශාන් ඉදලා ඒක යීබෝ දන්නෙත් නෑ.. යීබෝගේ නම්බර් පවා ශාන් ලග තිබිලා.. ඒත් එක කෝල් එකක්....මැසේජ් එකක් නෑ... ශාන් දුර ඉදන් ආදරේ කරා ඒක ඇත්ත.. ඒ ආදරයේ හොරයක් බොරුවක් වංචාවක් ගෑවිලා වත් නෑ.. ඒත් ඒත් අසරණ යීබෝ එයා ගොඩාක් රැවටිලා වගේ...

යීබොට දුකයි.. එයා කිසි කතාවක් නැතුව ශාන්ගෙ ඇගෙනුත් බැහැලා කාර් එකෙනුත් බැහැලා දිව්වේ ශාන් කෑ ගගහා පස්සෙන් එද්දි..

🐰 පැටියා ඉන්නකෝ අනේ යන්න එපා....🥺🥺🥺

කෙලින්ම කාමරේට දිව්ව යීබෝ ශාන්ගෙ ඇදුමකුත් අරන් වොශ් රූම් එකට වැදෙද්දී ශාන් ඇදේ වාඩි වෙලා බලන් උන්නේ යීබෝ ආයේ එනකල්.....

🐰 අනේ ඇයි මගෙ මැණික...එහෙම තරහා වෙලා ගියේ.. මන් වැරදියි නේද මැණික.. මන් උබට දෙන්නෙම දුකනේ බබා..  ඉතින් ඉතින් කොහොමද මන් මගෙ පැටියව හිනස්සලා මන් ගාව තියාගන්නේ...

ශාන්ටත් දුකයි.. බයිට් කරේ යීබෝ කියලා ශාන් දන්නවා කිව්වේ කොල්ලව හිනස්සන්න උනත් අන්තිමට ඒකෙන් උනේ කොල්ලා තරහා උන එක.. මොනවා කරන්නද ඒවා නම් ඉතින් ඔක්කොම ශාන්ගේ මෝඩ වැඩනේ.. දෙන්නම දෙන්නට ආදරේ කරලත් තවමත් ගොන් වැඩ වල ඉවරයකුත් නෑ..

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now