පස්වන පරිච්ඡේදය

960 227 92
                                    

සොයා එන්නම්....

යීබෝ උන්නේ බිමට ගුලි වෙලා... පෙරදා හවස වකුටු වෙච්චි පාර කොල්ලා ආපහු නැගිට්ටෙවත් නෑ... කන්නවත් පිරියක් නැති උනේ එයාට එක දිගටම එයාගේ ශන්ගව මැවි මැවි පේන්න ගත්තා.. 

මේ වෙද්දි යීබෝ නිවාසෙන් ඇවිල්ලත් අවුරුදු 10ක් ගෙවිලා ගිහින්...

ඉතින් කාලෙත් එක්ක රූපේ , හැසිරීම වෙනස් වෙලා ගියත් යීබෝගේ හිත වෙනස් උනේ නෑ.. යීබෝ හැමදාම ශාන්ගේ  රූපේ අමතක වෙයි කියලා තියන බයටම ඒ රූපේ ඇස් ඉස්සරහා මවා ගත්තා... අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යද්දී මගෙ ශන්ගා දැන් මේ විදියට ඇති...එයා දැන් මෙහෙම ඇති කියලා යීබෝ මේ අවුරුදු 10ටම කොච්චර දේවල් මතක් කරාද කියලා දන්නෙත් යීබෝම විතරයි...

පහුවදාට එලිවෙලත් තවම යීබෝ ඉන්නේ බිම... කොල්ලා මේ අවුරුදු 10ටම මේ විදියට ශොක් වෙලා වගේ උන්නේ ශාන්ගෙන් වෙන් වෙලා ආව මුල් මාස 6 විතරයි...

ඒකට හේතුව මාස 6කින් පස්සෙ යීබෝ වන්ග් මමා හා පපා එක්ක රට අතාරලා යනවා... යීබෝ අඩලා අඩලම දුර්වල වෙලා ඒ වෙද්දිත් ලෙඩෙක් වෙලා උන්නේ.. ඉතින් වන්ග් පපාගේ තීරණයක් තමයි රටින් යන එක... ඉතින් එයාලා ගියා... යීබෝට බෙහෙත් කරලා යීබෝව ආපහු අවුරුද්දකට පස්සෙ චීනෙට එක්ක ආවත් යීබෝ පරණ දේවල් මතක් කරලා ඇඩුවෙ නෑ... ඒත් ඒ වන්ග් මමා පපාට පේන්න විතරයි.. හිතින් හැමදාම ශන්ගාව ඕනා කියලා පුංචි යීබෝ ඇඩුවා...

ඉතින් කාලය ගෙවිලා යීබෝ දැන් අවුරුදු 20ක කොල්ලෙක්.. එයා අවුරුදු 2ක් රට ඉදලා ඉගන ගෙනයි මේ ඊයේ චීනෙට ආවේ...

අන්න ඒ ආ මොහොතේ ඉදලා කොල්ලා උන්නේ තෝන්තුවෙන් වගේ... හැබැයි ඒ ඇයි කියලා දන්නෙත් යීබෝම විතරයි...

💎 යීබා... යීබා... මේ දොර ඇරපන් යකෝ... මොකක්ද තෝ කරන්නේ....

ම්ම්... ඔය කෑ ගහන්නේ යීබෝගෙ හොදම යාලුවා.. බින්.. කොල්ලගෙ කතාව එයා දන්නවා... ඊයේ ඉතින් එයාපෝට් එකේ ඉදන් යීබෝව එක්ක ආවේ බින් තමයි...  එක්ක ඇවිත් බින් ගෙදර ගියත් හරි යීබෝ ඒ ඇදුමෙන්ම තාම බිම...

💎 යීබා... යකා අවුස්සන්නැතුව දොර ඇරපන්....

තවත් බින්ව කේන්ති ගස්සන්න තියෙන අකමැත්ත නිසාම යීබෝ ගිහින් දොර අරිද්දි බින් ඔලුවට අත ගහගත්තේ තාමත් යීබෝ උන්නේ ඊයේ ඇදුම පිටින් කියලා දැකලා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now