13. දෙව්ලොව....

645 117 8
                                    

Taehyung's pov

ජන්කුක් මාව ඇඳ උඩට අතහැරපු වෙලාවෙ මං කෑ ගැහුවා. ඒත් එයා කට කොණකින් හිනාවෙලා මං දිහා බලන් ඉන්නවා.

🐰ඔයා ට නම් පනිශ්මන්ට් එකක් දෙන්නම ඕන බේබි බෝයි..

ජන්කුක් කිව්වේ මගේ ඇඟ උඩට එන ගමන්..

🐯 ජ... ජන්කුක් ම.... ට තාම අ.. අමාරුයි.

මම වෙව්ලන කටහඬකින් කිව්වේ එහාට වෙන්න උත්සාහ කරන ගමන්.

ජන්කුක් මං දිහා මොහොතක් බලාගෙන ඉඳලා ලස්සනට හිනාවුණේ එයාගෙ අර හා දත් දෙක හොඳටම පේන්න... ඊට පස්සේ එයා මහ හයියෙන් හිනා වුණා.

🐰හහහහා..... හහා... ඔයා හරිම ෆනී බේබි. හරියට ගොඩක් බයවෙලා වගේ.

ජන්කුක් කිව්වේ මට එහා පැත්තෙන් ඇලවෙන ගමන්. එයා මාව එයා ගාවට ඇදලා ගත්තා. මම එයාගේ පපුව උඩින් ඔලුව තියා ගත්තා.

🐰 මේක තමයි ඔයාගේ පනිශ්මන්ට් එක බේබි..

ජන්කුක් මාව තදට බදා ගත්තා. මට හුස්ම ගන්න අමාරු වෙනකන්ම. එයා මගේ මුලු මූණම කිස් වලින් නෑව්වා..

🐰 මම දන්නවා ඔයාට තාම අමාරුයි කියලා බේබි. ඔයා මොකක්ද හිතුවේ මම ඔයාව පනිශ් කරනවා කිව්වම...? හ්ම්..... මැණික?

ජන්කුක් විහිලු කළේ, මගේ කොණ්ඩෙ අතරින් එයාගෙ ඇඟිලි හෙමීට ගෙනියන ගමන්.

මගේ කම්මුල් පිච්චුණා වගේ වුණා ලැජ්ජාවට. මම මගේ මූණ අත් දෙකෙන්ම වහ ගත්තේ මගේ තක්කාලි වෙලා තියෙන මූණ හංග ගන්න.

ජන්කුක් හිනාවුණා. එයා මගේ කෙස් අතරින් පුංචි හාදුවක් තිබ්බා.

🐰මගේ බබා හරිම ඩර්ටි මයින්ඩ්..

මට ඇත්තටම ගොඩක් ලැජ්ජා හිතුනා. මම තව එයාට තුරුලු වෙලා එයාගේ පපුවෙ මගෙ මුණ හංග ගත්තා. එයා කතා කළේ අපි ටික වෙලාවක් ඒ විදියට හිටියට පස්සේ..

🐰එදා ඔයා මාව රැඳවුම් පන්තිය ට යැව්ව එක ගැන මට සතුටුයි...

ජන්කුක් හරිම සොෆ්ට් විදිහට කිව්වෙ, මගේ කොණ්ඩෙ එක්ක සෙල්ලම් කරන ගමන්. එයාගේ ඇඟිලි මගේ කොණ්ඩය මැදින් එහේ මෙහේ යද්දි මට ලොකු සැහැල්ලුවක් දැනුණා..

මම ඔලුව උස්සල එයා දිහා බැලුවා. මම දැක්කා එයා අපේ පළවෙනි පාර මතක් කරලා තනියම හිනාවෙන හැටි. එයා මං දිහා බැලුවේ මට නමක් දෙන්න බැරි වෙනස් ම විදිහකට.. වෙනස්ම හැඟීමකින්..

🐰ඇයි ඔයා එදා මට එහෙම කරන්න ඉඩ දුන්නේ? ඇයි එදා ඔයා මට ඉඩදුන්නෙ ඔයත් එක්ක ඒ විදිහට එකතු වෙන්න?

ජන්කුක් ඇහුවේ මගේ ඇස්වල ගැඹුරටම බලන ගමන්...

මම මොහොතකට නිහඬ වුණා.

ඇයි මම එයාට එහෙම කරන්න ඉඩ දුන්නේ?

මගේ තොල් වලට හිනාවක් ආවෙ මට ඒ ප්‍රශ්නෙට උත්තරේ තේරුණු නිසා...

🐯ඒ මං ඔයාට ආදරේ නිසා...

මම කිව්වා.. ඔව්.. මම මගේ ආදරේ එයාට කිව්වා. මගේ හදවත... ඒක හයියෙන් ගැහෙනවා.... හරියට මේ දැන් පුපුරයි වගේ...

🐰ඕ.. බේබි.... ඔයා දන්නෙ නෑ මට අද කොච්චර සතුටුයිද කියලා..

ජන්කුක් මාව තවත් ටිකක් තුරුලු කරගත්තා. මගේ තොල් උඩින් පුංචි කිස් එකක් තිබ්බ එයා මං දවස් ගානක් තිස්සේ අහන්න බලන් හිටපු වචන ටික කිව්වා....

🐰මම ත් ඔයාට ආදරෙයි බබා...

මගේ ඇස්වලට කඳුලු පිරුණේ මටත් නොදැන. මම එයාගෙ පපුවේ මූණ හංගාගෙන හිනා වුණා..





මේ තමයි දෙව්ලොව.....









මම මගේ ඇස් හෙමීට පියා ගත්තෙ මාව තුරුල් කරගෙන ඉන්න කෙනා ගැන මගේ හිතේ ආදරයක් ඇති වූණ දවස මතක් කරන ගමන්.....

හායි රීඩර්ස්...

ඒ කියන්නේ අපේ බේබි බෙයාට ජන්කුක් ගැන කලින් ඉඳන් ම ආදරයක් තිබිලා තියෙනවා...

ඒ කොහොම කියලද හිතන්නේ..?

Next chapter.... 🤞. Hihi...

tata baby cooky 💕

Quicky - SINHALA ✔️Where stories live. Discover now