Author's pov
දින සති වලට පෙරලුණා.. සති මාස වලට පෙරලුණා.. ටේහ්‍යුන්ග් නැතිව කාලය ගෙවා ගන්න ජන්කුක් ට පුළුවන් වුණා. ජන්කුක් ට උපාධිය ලැබෙන්නත් දැන් ලඟයි. හරි නම් ජන්කුක් ඒ ගැන සතුටු වෙන්න ඕන. ඒත් ඔහු දුකෙන්..
ටේහ්‍යුන්ග් නැතිව ගෙවුණ හැම දිනයක් ම හරියට දැනුණේ අපායෙ ගෙවනවා වගේ. සිසුන් සිය ගානක් පිරිලා හිටියත් හෝල් වේ එක දැනුනෙ හිස් වගේ. කලින් නම් ජන්කුක් හරිම හදිස්සියෙන් පන්තියට දුවනවා. මොකද ඔහු දන්නවා ටේහ්‍යුන්ග් ඔවුන්ට උගන්නන්න බලන් ඉන්න බව. නමුත් දැන් ජන්කුක් තමන්ට ම බල කරනවා පන්තියේ මැද වාඩි වෙලා ඉන්න වගේම ප්‍රොෆෙසර්ලා උගන්වන දේවල් නෝට් කරගන්න...
ඔහුට දරාගන්න වුණා. හැම පොඩි මොහොතක් ම ඉවසන්න වුණා.. ඇතුලතින් තමන් මිය යමින් හිටියත් ඔහුට ඉවසන්න වුණා..
තමන් වෙනුවෙන්.. ටේ වෙනුවෙන්...
එතකොට ටේ ආයෙත් ආවහම, කාටවත් එයාලව ජජ් කරන්න බැරි වෙයි.
__________________________________
ඊලඟ දවසත් ජන්කුක් ට සාමාන්‍ය දවසක්. ජන්කුක් හිටියෙ පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්න... තමන් කොච්චර නම් කඩන් වැටිලද කියලා කාටවත් පේන්න කලින් ඉක්මනටම ගෙදර ගිහින් හැංගෙන්න..
ජන්කුක් ගේට්ටුව ගාවට ඇවිදගෙන යද්දි එයාට සුපුරුදු රූපයක් දකින්න පුළුවන් වුණා..
ජන්කුක් නැවතුණා.. ඔවුන් දෙන්නම එකිනෙකා ගේ ඇස් දිහා බැලුවා..
ජිමින්...
ඔවුන් දෙදෙනා අතර වුණ සිද්ධියෙන් පස්සේ ජිමින් එක පාරක් වත් ජන්කුක් එක්ක කතා කළේ නැහැ. ජන්කුක් දැනගෙන හිටියා තමන්ගේ හොඳම යාලුව ට රිදවපු එක ගැන තමන් තමයි වැරදි කියලා.. එක පාරක් ඔහු ජිමින් ව විශ්වාස කළා නම්... ජිමින් අදටත් ඔහුගෙ පැත්තෙ ඉන්න තිබුණා..
හෝසොක්.. මාසෙක පන්ති තහනමකට ලක් වුණා.. ඒ දෙන්නා තවමත් එකිනෙකා මුණගැහිලා නෑ. ඒත් ජන්කුක් ට හිතාගන්න බෑ ආයෙමත් හෝසොක් ව දැක්කොත් තමන් මොනවයින් මොනවා නම් කරයිද කියලා..