Author's pov
ජන්කුක් බිත්තියට හේත්තු වුණා. එයාගෙ දණහිස් වෙව්ලන්න පටන් ගත්තා. ඒ වගේම තමන්ගෙ හුස්ම හිරවෙනවා වගේ එයාට දැණුනා. එයාට මේ හැමදේම හරියට තේරුම් ගන්න යම් කාලයක් උවමනා වුණා.
තමන්ගේ පපුවට තදින් අත තියාගෙන එයා තමන්ගෙ හිතේ තියෙන වේදනාව අඩු වෙනකම් අඬන්න පටන් ගත්තා. මේ තරම් වේදනාත්මක ව දැනෙන හැඟීම් සමුදායට තමාව යට කරගන්න ඉඩ දෙන ගමන් එයා එහෙමම බිම වාඩි වුණා.
බිම වැටිලා ඔහේ අඬන තමන්ගේ දිහා හෝල් එකේ ඇවිදගෙන යන ළමයි ඔක්කොම අමුතු විදිහට බලබලා එකිනෙකාට රහස් කොදුර ගන්න එක ගණන් නොගත්ත ජන්කුක් ඒ විදිහටම බිම වැටිලා හිටියා.
ලොකු වෙලාවක් ගත උනාට පස්සෙ ජන්කුක් ගේ හැඟීම් හිමිට සන්සුන් වුණා. එයා තීරණය කළා ඩීන්ගෙ ඔෆිස් එකේ ඉන්න ටේ ව හම්බවෙන්න යන්න. එයාට මේ වෙලාවේ ටේ ව තදින්ම ඕනි වුණා.
___________________________________________________
ජන්කුක් තමන්ට වාරු වෙන ගමන් බොහොම අමාරුවෙන් කාමරයට ඇවිද ගෙන ගියා.
එයා තමන්ගේ ෆෝන් එක චෙක් කරන්න ඇති සියවෙනි වතාවටත්. ඒත් ටේ ගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක් වත් නැහැ. ජන්කුක් ගේ අප්‍රාණික වුණු ඇස්වලින් කඳුලු ගලාගෙන ගියා.
එයා ආපහු ඩීන්ගෙ ඔෆිස් එකට ගිහින් බලපු වෙලාවේ වත් එතන ටේ හිටියේ නෑ. පාසල් පරිශ්‍රය පුරා එයා ටේ ව හෙවුවා වුණත් කොච්චර හෙව්වත් මල්ලිගෙ හෙවනැල්ල වත් පාසල් පරිශ්‍රයේ නම් තිබුණෙ නැහැ.
ජන්කුක් ටේ ට කෝල් කළා. ඒත් ටේ ගේ ෆෝන් එක තිබුණේ ආවරණ කලාපයෙන් බැහැරව. ඒක නම් ජන්කුක් ව පිස්සු වැට්ටෙව්වා. වෙනවා කියලා හිතන්නවත් තමන් අකැමැති වුණු දේවල් වෙන්න යන බව එයාට තේරෙන්න පටන් ගත්තා.
එයාට මොකක් හරි කරදරයක් වුනොත්.....? මේ වෙච්චි දේවල් දරාගන්න බැරි ව එයා තමන්ටම මොනවා හරි කරදරයක් කර ගත්තොත්....?
.
.
.
.
.
.
.
.
.
.
.
එයා ජන්කුක් ව දාලා ගියොත්?ජන්කුක් එහි අදහස අතුගාලා දැම්මා. එයාට ටේ නැතුව ජීවත් වෙන්න බෑ එයාට ජීවිතේ ගොඩක් දෙනෙක්ට නැති වුණා. ටේ එයාව දාලා ගියොත් නම් ඒක එයාට දරාගන්න ගොඩක් අමාරු වේවි.