16. ආදරේ...

626 120 7
                                    

Taehyung's pov

ජන්කුක් ගේ හේතුව දැනගත්තට පස්සේ මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ, එයා කරන හැමදේම අවධානයෙන් බලන් ඉන්නවා ඇරෙන්න.

මගේ ඇස් හැම වෙලාවෙම තිබ්බේ එයාගේ ගැන හෝදිසියෙන්.

මට එයා ඉන්න සෙක්ෂන් එකට උගන්නන්න තියෙන හැම දවසකම මම එයාව නිරීක්ෂණය කරලා එයා නිදියන පැටර්න් එක හොයා ගත්තා. හැම සඳුදා ම, බදාදම, වගේම සිකුරාදා ම එයා පන්තියේ නිදා ගත්තත්, අඟහරුවාදා යි බ්‍රහස්පතින්දා යි දෙකේම එයා අවධානෙන් පන්තියේ ඉන්න හැටිත් මට බලාගන්න පුළුවන් වුණා. මම තේරුම් ගත්තා එයා පුංචි ඇනී ට කතා කරන දවස් වල එයා පන්තියේ නිදාගන්න බව.

එක දවසක් මම දැක්කා එයා ආයිමත් පන්තියේ නිදාගෙන ඉන්න හැටි. මම එයාට ඉන්න ඇරියා. මම එදා සාකච්ඡා කළේ විභාගෙට එන පාඩම් ටික ගැනයි, ඒ වෙනුවෙන් කරන්න ඕන ප්‍රොජෙක්ට් ටික ගැනයි..

🐯අදට එච්චරයි.. මම ඔයාලට කියන්නේ අනිවාරයෙන්ම පාඩම් ටික බලාගන්න. ඒ වගේම ප්‍රොජෙක්ට් ටිකත් වෙලාවට කරලා භාර දෙන්න. මතක තියාගන්න.. මම පරක්කු වෙලා දෙන ප්‍රොජෙක්ට් එකක් වත් භාර ගන්නෙ නෑ කියලා...

මම මගේ කතාව ඉවර කරලා පන්තියෙන් එලියට යන්න කලින්, ජිමින් ට කතා කළා.

🐯 මිස්ටර් පාක් ජිමින්... ෆැකල්ටි රූම් එකට ඇවිත් දැන්මම මාව හම්බ වෙන්න..

🐥මම..? මම මොකක්ද කළේ...?

ජිමින් තමන්ටම මුමුණගන්නවා මට ඇහුණා..

( AAN : in faculty room)

මම මගේ මේසෙ තිබ්බ පොත් ලෑස්ති කරන ගමන් ඉද්දි මට පුංචි කටහඬක් ඇහුණා.

🐥සුබ දහවලක් සර්... සර් මට එන්න කියලා කිව්වේ....

මට තේරුණා ජිමින් ඇඟිලි එක්ක සෙල්ලම් කරනවා..

මම එයා දිහාට හැරිලා, මම ම ලියපු නෝට් ටික එයාගේ අතට දුන්නා.

🐥ම්.. මේ... මොකක්ද සර්..

🐯ඔයා මිස්ටර් ජියොන් ගේ හොඳම යාලුවා නේද..?

,🐥ඔව් සර්. ඒත් මේකට ඒකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

Quicky - SINHALA ✔️Where stories live. Discover now