20. වේදනාව

579 113 6
                                    

Vote goal 10

Jungkook pov

මම ටේ ව බ්ලැන්කට් එකකින් වැහුවා. මම බැලුවා එයාගෙ නිදාගන ඉද්දි පේන හුරතල් මූණ දිහා. පින්තූර ගැන හොයා ගත්තට පස්සේ ටේ නොනවත්වා ම ඇඬුවා. මම එයාව ගෙදර ගේන්න තීරණය කළේ එයාට විවේක ගන්න පුළුවන් වෙන්න.

මට වේදනාවක් මගේ බේබිව මේ විදිහට දකින්න වුණ එක. එයාගෙ නහය රතුවෙලා, ඇස් ඉදිමිලා අඬලම. එයාට කන්න වත් පිරියක් තිබුණේ නැහැ. නින්ද යනකම් ම මගේ අත් අතරට ගුලි වෙලා ඇඬුවා පුරාම.

මම හෙමීට කාමරේ දොර වහලා ගියේ ලිවින් රූම් එකට. මම සෝෆා එකේ වාඩි වෙලා නාඳුනන මනුස්සයෙක් එවලා තිබුණ අපි දෙන්නගෙ පින්තූර ටික දිග ඇරලා බලන්න ගත්තා. පින්තූර අරන් තියෙන්නේ ඉස්කෝලේ ක්ලිනික් රූම් එකේ දි.

මම නලළ රැලි කරගත්තා. මේ පින්තූරෙ ගත්තෙ ඉස්කෝලෙ දි නම් ඒ කෙනා ඉස්කෝලෙ ළමයෙක් හරි, වැඩ කරන කෙනෙක් හරි වෙන්න ඕනි. මම සැකකාරයො කවුද කියලා හිතන්න පටන් ගත්තා. ඒත් මට කාවවත් හිතා ගන්න බැරි වුණා.

ඒ කවුරු වෙන්න පුළුවන් ද?

දිග හුස්මක් අරන් මම ආයෙත් ඒ පින්තූර ටික ලියුම් කවරෙ අස්සට දැම්මා.

මම ඒ තුච්ඡ වැඩේ කරපු මනුස්සයව හොයා ගන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ කෙනාව මම හොයා ගත්තට පස්සේ කරපු ඒ බලු වැඩේ නිසා එයාට විඳවන්න සිද්ධ නොකළොත් මගේ නම ජන්කුක් නෙවෙයි.

____________________________________________

Author pov

ටේහ්‍යුන්ග් ට පහුගිය දවස් දෙකේම කොලේජ් යන්න බැරි වුණා. එයා පහුගිය දවස් දෙකේම ජන්කුක් ගේ ගෙදරම නැවතුණා විවේක ගන්න. ඒත් එයාට ගන්න පුලුවන් වුණ විවේකයක් නෑ. එයාට පුලුවන් වුණේ අසරණ විදිහට අඬන්න විතරයි.

අනිත් අතින් ජන්කුක්, දිගටම කොලේජ් ගියා. එයා කෙනා කවුද කියලා හොයන්න පටන් ගත්තා. ඒත් එයාට එක සාක්ෂියක් වත් හොයාගන්න බැරි වුණා.

ජන්කුක් තීරණය කළා ඒක තමන්ගේ යාලුවන් ට නොකියා ඉන්න. ඒ එයාලව විශ්වාස නැති නිසා නෙවෙයි... ඒත් එයාට ඕන වුණේ නෑ තමන්ගේ ප්‍රශ්න වලට එයාලටත් කර ගහන්න වෙන එක.

🦄 හේයි ෆකර්...

ජන්කුක් ගේ සිතුවිලි වලට හෝසොක් බාධා කළා.

🦄 උඹ ඇත්තටම අහගෙන ද ඉන්නේ?

🐰 මොකක්ද..?

එයාලා හිටියේ කැෆෙටේරියා එකට වෙලා ලන්ච් එක ගන්න ගමන්. එයා හිටියේ හෝසොක් යි නම්ජුන් යි එක්ක. යුන් ගී හිටියේ බාස්කට්බෝල් කණ්ඩායම් නිලවරණයකට සම්බන්ධ වෙලා. ඒත් ජිමින් කිව්වා එයාට ගොඩක් වැඩ තියෙනවා, ඒ නිසා කන්න එන්න බෑ කියලා. ඒ නිසාම එතන හිටියෙ ජන්කුක්, හෝසොක්, නම්ජුන් විතරයි.

🦄 බලහං බං. මූ අහගෙන නෙවෙයි ඉඳලා තියෙන්නේ.

🐨 ඔයා හොඳින් නේද ජන්කුක්. පහුගිය දවසක දෙකක ඉඳලා ඔයා තනියම කල්පනා කරනවා හරි හරියට. මොකක්ද ප්‍රශ්නේ.?

🐰 සොරි බං. මම ගොඩක් දේවල් ගැන කල්පනා කළා.

ජන්කුක් කිව්වේ උරහිස් දෙක අකුල්ලන ගමන්.

🦄 උඹටයි ජිමින් ටයි ඇත්තටම විවේකයක් ඕන.

🐰 ජිමින්..? ජිමින් ගැන මොකක්ද?

🦄 ඇත්තටම.. මම හරියටම දන්නේ නැහැ. ඒත් මම හැන්ග් අවුට් එකකට අහන හැම පාරම එයා කියන්නේ එයාට ගොඩක් වැඩ තියෙනවා, ඒ නිසා එයාට එන්න විදියක් නෑ කියලා.

🐨 ඇත්තටම මටත් ඒක නොතේරුණාම නෙවෙයි. එයා මේ දවස් ටිකේ හරිම බිසී වගේ තමයි මටත් දැනුණේ..

🦄 ඔව් ඔව්.. එයා ටිකක් ඉන්නෙ හරියට පැරනොයිඩ් වෙලා වගේ..

🐰 පැරනොයිඩ් වෙලා කියලා කියන්නේ මොකක්ද..?

🦄 එක පාරක් මම එයාගෙන් අහන්නෙ නැතුව එයාගේ ෆෝන් එක ගත්තා වෙලාව බලන්න. ඒත් එයා මාව දැක්කට පස්සෙ එයාගේ ෆෝන් එකත් එක්ක, එයාගේ ඇස් එක පාරටම ලොකු වෙලා ගියා. හරියට පැරනොයිඩ් වුණා වගේ. එයා බයවුණා වගේ මට පෙනුනේ.

🐨 අපේ ජිමින් මොනා හරි අපෙන් හංගනවා. ඒක නම් මට හොඳට තේරෙනවා.

ජන්කුක් හිනාවුණා. ජන්කුක් හොඳටම හිනා වුණා හෝසොක් එයාට කියපු විදිහ දිහා බලන්. ඒත් කිව්ව දේ තේරෙද්දි එයාගේ මූණෙ තිබ්බ හිනාව වියැකිලා ගියා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

නෑ.. ඒ ජිමින් වෙන්න බෑ. ජිමින් එහෙම කරන්න කොහෙත්ම ඉඩක් නෑ නේද..?

🌺 මතු සම්බන්ධයි 🌺

මොනා හරිම දෙයක් කොටන් යන්න ඉතින්..
1

k views එයි කියලා ඇත්තටම හිතුවේ නෑ. ඒත් බොහොම ස්තුතියි මේ පොත කියවනවට...

Quicky - SINHALA ✔️حيث تعيش القصص. اكتشف الآن