18. විනෝදය..

602 105 8
                                    

Author's pov

🐯 Oh happy days
Oh happy days
You washed my sins away

ටේ ඇඟ හෝදන ගමන් ගායනා කළා.

🐰 ටේ... බේබී..... ඉක්මනට එන්න. මම ඩිනර් එක හැදුවා..

ජන්කුක් කීවෙ බාත්රූම් එකේ දොරට තඩිබාන ගමන්.

🐯 විනාඩියයී.....

ටේ කියලා ඉක්මනට ඇඟ පිහදාගත්තා.
ටේ මේ දවස්වල ඉන්නේ ජන්කුක් ගේ ගෙදර. ටේ ඉතින් එයාගෙ ගෙදර යන්නෙ නැතුවමත් නෙවෙයි. ඒත් එයාගේ බඩු හැමතැනම වගෙ දාන නිසා ජන්කුක් ගේ කැබිනට් එකෙත් එයාගෙ ඇඳුම් දහයක් පහළොවක් තිබ්බා.

ටේ ඇඳුම් මාරු කරගෙන කෑම කාමරේට යද්දි ජන්කුක් ෂූ රැක් එකේ සපත්තු පිළිවෙළකට තියනවා ටේ දැක්කා.

ටේ හිනාවුණා. එයාට මතක් වුණා ජන්කුක් කිව්ව හැටි ගෙදරට ගොඩ වෙද්දි ෂූ රැක් එකේ ටේ ගෙ සපත්තු දෙක තියෙනවා දකින්න එයා ආසයි කියලා. ඒක ජන්කුක් ට ටේ ගෙදර තමන් වෙනුවෙන් බලන් ඉන්න බවට සළකුණක් වුණා. බැරි වෙලාවත් ජන්කුක් කලින් ඇවිත් ටේ ගෙදර එන්න පරක්කු වුණොත් ජන්කුක් ඒ ගමන්ම ටේ ට කෝල් කරලා එයා කොහෙද කියලා අහන්න අමතක කළේ නෑ.

🐯 කූකී.... අපි කමු..

ටේ කතා කළා. එයා ජන් කුක් ට මෙච්චර කලක් කවුරුත් කිව්වෙ නැති නමකින් කතා කළා.

ඒ දෙන්නා ඉස්සරහට එන්න තියෙන කරදර ගැන දුක් නොවී සතුටින් කෑම ගත්තා.

Time skip
Jungkook's pov

මම දැන් ඉන්නෙ ලොකු පරණ ගහක් යට ඉඳගෙන. මගේ යාලුවොත් එක්ක.

🐨 මට හිතාගන්න බෑ මට මගේ ඇත්ත ආදරේ හම්බ උනා කිව්වම

🐰මට හිතාගන්න බෑ ඔයාගෙ ඇත්ත ආදරේ ගොඩක් දක්ෂ විදිහට රැප් වලින් බනින්න දන්නවා කිව්වම...

මම එහෙම කිව්වම නම්ජුන් බිම බලාගත්තෙ බාගෙට රතු වෙලා.

🐨 ඔයා ගැන කොහොමද හෝසොක්...?

🦄 මං ගැනද...? මම කලින්ම කියන්න ද? ඔය ආදරේ කියන දේට යි මටයි කිසිම ගැලපීමක් නෑ..

🐨 ඔයාට ජිමින්...?

🐥 ම.. මට එහහෙ.. ම මොකුත් නෑ

🐰 පහුගිය දවස් ටිකේම මම බලාගෙන. ඔයාගෙ මූඩ් එක හරිම අමුතුයි මේ දවස්වල. මොකක්ද වුණේ...?

🐥 මොකුත් නෑ

🐰 හොඳයි.. ඔයා නෑ කියලා කියනවා නම්...

🐨අපි මේ වෙලාවේ ෆොටෝ එකක් කහමු. අපි ඔක්කොම එකතු වෙන්නේ හරිම කලාතුරකින් නේ දැන්...

🦄 යුන්ගියා... මෙහාට එන්න අනේ. නිදි වගේ ඉන්න එපා.. කම්මැලි කොල්ලා.

🐰 අපි ජිමිනිගේ ෆෝන් එකෙන් ගහමු. ඒකෙ කැමරාව හොඳයි. නේද ජිමිනි...

ජිමින් අකමැත්තෙන් වගේ ෆෝන් එක එලියට ගත්තා වුණත් අපි ෆොටෝස් ගොඩක් එක එක ඈන්ගල්ස් වලින් ගත්තා.

🦄 මට ෆොටෝස් ටික එවන්න ජිමිනි...

ජිමින් එකපාරම ෆෝන් එක හෝසොක්ට දුන්නේ නැහැ. සුලු මොහොතක වැඩකට පස්සේ එයා හෝසොක්ට ෆෝන් එක දුන්නා.

🐥 මෙන්න...

හෝසොක්, නම්ජුන් වගේ ම යුන්ගිත් තමන්ට යවන්න ඕන ෆොටෝස් තෝරගෙන ඉවර වෙනකම් අපි තවත් වෙලා එතනට වෙලා හිටියා...






හායි...

වැඩ ගොඩයි. ඒකයි අප්ඩේට් පොඩි.

ඒත් නිතරම අප්ඩේට් දෙන්න බලනවා හොඳේ...

Quicky - SINHALA ✔️Where stories live. Discover now