31. අවසානය

720 103 7
                                    

Jungkook's pov

ඉවෙන්ට් එක සාර්ථකව කරගන්න ඔවුන් ට පුළුවන් වුණා. මැගසින් එකට දාන්න පුළුවන් තරම් පර්ෆෙක්ට් විදිහට මට ගොඩක් ශූට්ස් කරගන්න පුළුවන් වුණා. මිස්ටර් චෝයි මට සුබපැතුවා වගේම තවත් වැඩකට මට කතා කළා.

මම BTS Publishing house එකට ගියේ පණිවිඩය හම්බ වුණ ගමන් මයි.

" මිස්ටර් ජියොන්..." මම බිල්ඩින් එකට ඇතුලු වෙද්දිම මිස්ටර් චෝයි කතා කළා.

" සර්.. මට කණගාටුයි.. ඇත්තටම මම ටිකක් පරක්කුයි. මාව ට්‍රැෆික් එකට අහු වුණා." මම සමාව ඉල්ලුවා. මම එවෙලෙත් හිටියෙ වේගයෙන් හුස්ම ගන්න ගමන්.

" ඒක ප්‍රශ්නයක් නැහැ ජන්කුක්. අපි යමු. Ceo කිව්වා එයාට ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා." මිස්ටර් චෝයි මට කිව්වේ මාව CEO ගේ කැබින් එක පැත්තට එක්ක යන ගමන්.

CEO ගේ ඔෆිස් එකේ බිත්ති වල එල්ලලා තිබ්බ චිත්‍ර හැම එකක්ම වගේ හරිම කලාත්මකයි. මම ඒවා දිහා බලාගෙන හිටියේ CEO එනකන්.

" මිස්ටර් ජියොන්...? " කාමරයට ඇතුළු වුණ උස පිරිමි පුද්ගලයා ඇහුවා.

" ඔව් සර්...."

" මම පාක් හේ ජින්.... BTS මුද්‍රණාලයේ CEO."

මිස්ටර් පාක් මට ඉඳඟන්න කියලා සන් කළහම මම වාඩිවුණා..

" මම ඔයාගෙන් ගොඩක් වෙලාව ගන්නේ නැහැ මිස්ටර් ජියොන්. මම කෙලින්ම කාරණාවට එන්නම්. "

" මං ඔයාගෙන් අහන්න කැමතියි එක්සත් ජනපදයේ තියෙන අපේ කම්පැනියෙ කේ official පොටෝග්‍රැෆර් විදිහට අපිත් එක්ක වැඩ කරන්න එකතු වෙන්න පුළුවන්ද කියලා... ඔයාට පුලුවන් ඔයාගෙම කියලා ටීම් එකක් බඳව ගන්න.. වගේම ටීම් එකක් හදාගන්න. ඒක නම් කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි.. "

මම මොහොතකට නිහඬ වුණා... මේ වගේ අවස්ථාවන් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ කාටවත්. තවමත් නමක් හදාගත්තෙ නැති පොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට මට මේ ලැබිච්චි අවස්ථාව මහා ලොකු දෙයක්. මේ වගේ විශාල කම්පැනි එකකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබෙනවා කියන එක ම ලොකුම ලොකු දෙයක්. මේ වගේ වැඩක් බාර ගත්තෙ නෑ කියන්නේ ඒ පුද්ගලයා මහා මෝඩයෙක් වෙන්න ඕනි.

Quicky - SINHALA ✔️Where stories live. Discover now