21. සැකය

549 105 14
                                    

Vote goal 10

Jungkook pov

මම හිටියේ කාර් එකේ වාඩි වෙලා ජිමින් ට කෝල් කරනවද නැද්ද කියන එක ගැන මනසින් වාද කරන ගමන්. හෝසොක් කිව්ව කතාවට පස්සෙ මට ජිමින් ගැන සැකයක් ආවා.

හැම කාරණයම තනිකරම පොයින්ට් වෙන්නේ ජිමින් ගේ පැත්තට. මම ටේහ්‍යුන්ග් එක්ක සම්බන්ධයක් පටන්ගත්ත කාලෙමයි ජිමින් අමුතු අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්තේ. එයා මාව මගහරිනවා කියලයි මට දැනුණේ.. එයා ඉන්නේ හැම වෙලාවෙම බර කල්පනාවක, හරියට හෝසොක් කිව්වා වගේ පැරනොයිඩ් වුණ ගානට.

ඒත් මගෙම හිතේ අනිත් පැත්තෙන් මේ කාරණේ පිළිගන්න කැමැත්තක් තිබුණේ ම නැහැ. ඒ මගේ හොඳම යාලුවා. මම එයා ගැන මේ විදියට හිතන්න හොඳ නෑ. අනිත් අතට, එයා මොකටද ඒ වගේ දෙයක් කරන්නේ? මම ඇත්තටම කිසිම හේතුවක් දකින්නේ නැහැ ජිමින් ට මේ වගේ දේවල් කරන්න. ජිමින් අහිංසකයි.

ඒත් ඒ ඇත්තටමද..?

මම මගේ මූණ අත් දෙකෙන් ම වහගත්තේ මොකවත් හිතාගන්න බැරි ව. ගොඩක් වෙලා හිතුවට පස්සේ මම තීරණය කළා ජිමින් ට කෝල් එකක් දෙන්න.

මම හිටියේ මොනා කියන්නද, මොනා අහන්නද කියලා හිතාගන්න බැරුව.

📞🐥 හේයි කුක්..

📞🐰 හලෝ චිම්

📞🐥මොකක්ද කාරණේ..

📞🐰 මම මේ අහන්න කතා කළේ අපිට ඔයාගෙ ගෙදර හැන්ග් අවුට් වෙන්න පුළුවන් ද කියලා.

මම කිව්වේ ඔලුව කහන ගමන් වෙන කරන්න දෙයක් නැතිම කමට.

ඒත් අනිත් පැත්තෙන් උත්තරයක් හම්බ වෙන්න ගොඩක් කල් ගියේ ජිමිනුත් මේ කතාවට හා කියනවද, බෑ කියලා කියනවද කියල හිත හිත හිටිය නිසා වෙන්න ඇති.

📞🐥 අනිවා.. මොකද බැරි..?

📞🐰 හොඳයි. තෑන්ක්ස් චිම්. මම දැන් එන්නම්..

මම වාහනේ පැදගෙන ජිමින් ගේ ගෙදරට යන්න පිටත් වුණේ මගේ හදවතේ ගැස්ම මටම පාලනය කරගන්න බැරිව යද්දි. මම ගොඩක් කලබලෙන් හිටියේ..

ප්ලීස්.. ඒ ඔයා නම් වෙන්න එපා

මම හිතුවේ චිම් එහෙම කළොත් ඒක දරාගන්න මටම අමාරු වෙන බව දන්න නිසා.

Time skip

At Jimin's house

ජිමින් හිනාවක් එක්කම දොර ඇරලා මට ඇතුලට කතා කළා.

🐥 ඔයාට එක පාරටම මොනවද වුණේ කුක්..? ඇයි එකපාරටම හැන්ග් අවුට් එකක් ඕන කළේ..?

මේසෙ උඩින් ස්නැක්ස් ගොඩක් තියන ගමන් ම ජිමින් ඇහුවෙ හිනාවෙලා.

🐰ප්‍රැක්ටිකලි මමයි ඒක කියන්න ඕන. ඔයා තමයි මාව ලඟකදි ඉඳලා මගහරින්නේ. මම ඔයා නැතුව පාලුවෙන් හිටියේ..

මම කිව්වේ මගේ හිත රිදිලා වගේ.

🐥 මට සමාවෙන්න කුක්. මම මේ ලඟකදි ඉඳන් හරිම බිසී.

🐰 ඔය සොරි එක ඇත්ත එකක් නම් අපි එකට මූවි එකක් බලමු.

🐥 හරි එහෙනම් ඔයා කැමති මූවි එකක් තෝරන්නකො.

මම බලන්න මූවි එකක් තෝරන්න පටන් ගත්තා. ජිමිනි ව දැක්කට පස්සෙ මට හිතුනා, මම කොච්චර මෝඩද එයාව සැක කරන්න කියලා. ජිමින් මගේ හොඳම යාළුවා. එයාට බෑ කවදාවත් මට නරකක් කරන්න.

මම මූවි එකේම ගිලිලායි හිටියේ ජිමින් නැගිටලා පොඩි වැඩකට යනකම්. එයා කිව්වා එයා වොශ් එකක් දාගෙන එන්නම් කියලා. මම වෙනොම් බලන ගමන් දැක්කා සයිඩ් ටේබල් එක උඩ ජිමින් ගේ මොබයිල් එක. ජිමින් ට අමතක වෙන්න ඇති එයා ෆෝන් එක එතන චාර්ජ් වෙන්න ගහලා තියෙනවා කියලා.

මට හොඳටම විශ්වාස කරන්න පුලුවන් වෙන්න ඒ ෆෝන් එක චෙක් කරන්න කියලා මගේ මනස මට කිව්වා. මගේ හිත මගේ හොඳම යාලුවව සැක කරන එක නවත්තන්න කියලා මට බල කරනවා. විනාඩියක් යනකම් මට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුණා. මම හිටපු තැනින් නැගිටලා ජිමින් ගේ ෆෝන් එක අතට ගත්තා.

මගේ මනස හදවත පරාද කරලා ජයගත්තා.

මම කලබලෙන් එයාගේ පාස්වර්ඩ් එක ටයිප් කරලා ෆෝන් එක අන්ලොක් කළා. එයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ චෙක් කරද්දි මට මගේ අත් වෙව්ලනවා දැනුණා.

මගේ හදවත නැවතුණා වගේ මට මොහොතකට දැනුණා. මගේ ඇස් වලින් කඳුලු කඩන් වැටුණා මම දැක්ක දේත් එක්ක. කේන්තිය, වියවුල් කම, වේදනාව මාව යටපත් කරගත්තා. මම ෆෝන් එක අතේ තදට මිට මොලවගත්තේ ඒ ආපු මාව පිච්චිලා යන හැඟීම නිසා.

















ඇයි මෙහෙම.....?

🌺 මතු සම්බන්ධයි 🌺

මොනා හරි කියාගෙන යන්න...

Quicky - SINHALA ✔️Where stories live. Discover now