19. තර්ජනය..

598 110 6
                                    

Vote goal 10

Author's pov

හේයි......

ජන්කුක් තමන්ට කතා කරන්න උත්සාහ කරපු කෙනා එක්ක කතා කරනවා වෙනුවට කර කර හිටපු වැඩේට අවධානය දුන්නා.

හේයි....

ජන්කුක් කිසිම දෙයක් ඇහුණෙ නැති විදිහටම හිටියා..

හේයි..

🐰 වට් ද ෆක් හෝසොක්....?

ජන්කුක් කෑ ගැහුවෙ පන්තියේ ළමයි විතරක් නෙවෙයි ප්‍රොෆෙසර් වත් එයාලගේ පැත්තට හරව ගන්න ගමන්.

👥 මිස්ටර් ජියොන්... ඔතන මොකක්ද සිද්ධ වෙන්නේ?

ප්‍රොෆෙසර් හන් ඇහුවා...

🐰 මොකුත් නෑ සර්...

ජන්කුක් හීනි කටහඬින් උත්තර දුන්නා. මේ වෙලාවෙත් හිනා වෙවී ඉන්න හෝසොක් දිහාට ජන්කුක් රැව්වා.

👥 ඔය දෙන්නා හොර කරනවා නේද..

මිස්ටර් හන් ඒ දෙන්නා ගාවට එන ගමන් කිව්වා. ඔහු මේ දෙන්නගෙම ක්‍රියාකාරකම් දිහා බලලා ජන්කුක් ට මාරාන්තික බැල්මක් හෙලුවා.

👥 හැමදාම මගේ පන්තියේ නිදාගෙන, විභාගෙ වෙලාවට කොපි කරනවද මිස්ටර් ජියොන්....?

🐰 මම එහෙම කළේ නෑ සර්...

🦄 මමයි එයාගෙන් පෑනක් ඉල්ලුවේ මිස්ටර් හන්..

👥 මට ඔහේලා දෙන්නගේ අනම් මනම්
බොරු කතා අහන්න ඕන නෑ. මේ දැන්ම දෙන්නම යනවා රැඳවුම් පන්තියට..

දෙන්නම ඉක්මනින් නැගිටලා පන්ති කාමරෙන් පිට වුණා. ජන්කුක් පන්තියෙන් එලියට ආව ගමන්ම හෝසොක් ගේ බෙල්ලෙන් ම අල්ලලා බිත්තියට හේත්තු කළා.

🐰මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ ෆකර්...

ජන්කුක් තවත් තදින් හෝසොක් ගේ බෙල්ල අල්ලා ගත්තෙ හෝසොක්ගෙ හුස්ම හිරවෙන හැටි හෝසොක්ට දැනෙද්දී...

හෝසොක් ජන්කුක් ගෙන් බේරෙන්න ලොකු කට්ටක් කෑවා. අන්තිමට ජන්කුක් ම හෝසොක් ව අතහැරියෙ හෝසොක් තදින් හුස්ම අල්ලද්දී...

🦄 කැහ්.. කැහ්... තෝ මාව මරන්න ද හදන්නේ ෆකර්...

🐰 බලපන් තෝ කරපු වැඩෙන් අපිට මොකක්ද වුණේ කියලා..

Quicky - SINHALA ✔️Where stories live. Discover now