EPILOGUE

893 125 19
                                    

ගෙවුණු කාලය ඇත්තටම හැම දේම වෙනස් කරලා... ජන්කුක් කියන්නේ තව දුරටත් තමන්ගේ හැඟීම් සහ ආදරය යටපත් කරන් ඉන්න තරම් අඩු වයසක කෙනෙක් වුණේ නැහැ. ඒ වගේම එයා දැනටමත් එයාගෙ උපාධිය ඉවර කරලා වගේම රැකියාවත් අපූරුවට කරගෙන යනවා.




හිම වැටෙන මුල්ම දවසෙ ආපහු එන්නම් කියලා ජන්කුක් ගේ ඇස් දෙකටත් හොරෙන් ම නික්මිලා ගිය ටේහ්‍යුන්ග් එනකම් පොටෝග්‍රැෆර් කෙනෙක් වුණත් ජන්කුක් අමතක කළේ නෑ. ඒත් අවුරුදු හතරක හිම වැටෙන මුල්ම දවස පහු වුණත් ජන්කුක් ගේ බලාපොරොත්තුව කිසිම විදිහකින් වෙනස් වුණේ නැහැ.

එයා තවමත් එයාගෙ හිත හොරාගෙන පැනලා ගිය අහිංසක සාහිත්‍ය ප්‍රොෆෙසර් එනකම් මග බලාගෙන ඉන්නවා.

අවුරුදු හතරකට පස්සේ එළඹුනු හිම වැටෙන මුල්ම දවසේ ජන්කුක් ට ලන්ඩන් වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන ජන්කුක් ටේහ්‍යුන්ග් ආයෙමත් එයි කියන බලාපොරොත්තුවෙන් ගෙදර යන්නෙ BTS Publishing house එක තමන්ට දීපු අවස්ථාව තවමත් තියෙන බව කියද්දි.



ජන්කුක් ගෙට ගොඩ වුණේ හිස් හැඟීමෙන් වුණත් තමන්ගේ ෂූ රැක් එකේ තමන්ගේ ෂූස් දෙකට අමතරව තමන්ගෙ නොවන ෂූස් දෙකක් ජන්කුක් ගෙ ඇස ගැටෙනවා.

පරිස්සමට තමන්ගේ ෂූස් ගලවලා රැක් එකෙන් තියන ජන්කුක් හෙමීට ගේ ඇතුලට යන්නෙ... තමන් ආදරේ කරන අහිංසක සාහිත්‍ය මහාචාර්යතුමා ගේ මූණ අපායක් වගේ හැඩි වෙලා තියෙන තමන්ගේ ගේ අස්සෙ දකින්න.

ජන්කුක් තැන තැන බඩු දාලා නොතිබ්බා වුණාට, ජන්කුක් ගේ බඩු අස් කිරීම ගොඩක් පිළිවෙල එකක් වුණේ නැහැ. ඒ නිසා තමයි එයාගෙ ගෙදර නිතරම වගේ අපිළිවෙළ එකක් වුනේ. මේ කොහොම වුණත් තමන් මෙච්චර කාලයක් එනකම් බලන් හිටපු කෙනා ගේ තුළ කියලා දැනෙද්දි එයාට තවත් හැකියාවක් තිබ්බේ නැහැ දොර ගාවට වෙලා බලන් ඉන්න.

කඳුළු පිහදගත්ත ජන්කුක් ගේ ඇතුලට ගියා.. එයාට දකින්න හම්බ වුණේ බොහොම පිළිවෙල ගෙදරක්. සාලෙ පවා හරිම පිළිවෙලයි. හරියට කාන්තාවක් ජීවත් වෙන ගෙදරක් වගෙයි.

ගිනි උඳුනක් පවා පත්තු කරලා තිබුණ නිසා මුලු ඩෝම් එක ඇතුලෙම පැතිරිලා තිබුණු හිත නිවන උණුහුම ට ජන්කුක් ආදරය කළා.

" උණුහුම් ද ජන්කූකි... බඩගිනි නැතිද..?"

තමන් දිහා බලාගෙන කෑම මේසෙට කෑම අහුරන සිහින් හැඩකාර රූපය දිහා ජන්කුක් වරක් බැලුවා. මීට අවුරුදු හතරකට කලින් තිබුන වගේම ලස්සනම ලස්සන හිනාවක් එක්ක ඔහු බලාගෙන හිටියා. ජන්කුක් ගෙ ඇස් මොහොතකට පුදුමෙන් විශාල වෙද්දි කලකට පස්සේ දැක්ක ඒ රූපය  වැලඳගන්න ජන්කුක් දිව්වා.

අහකට යන්න දෙන්න ලෝබ කමෙන් ටේහ්‍යුන්ග් ව වැලඳගත්ත ජන්කුක් ගෙ ඇස් වලින් දකින්න ලැබුණේ ආදරය... ආදරය.. ආදරය..

මෙච්චර කාලයක් ගෙවුණට පස්සෙත් තමන් ව තුරුලට ගත්ත අත් අතර හඬා වැටුණු ටේහ්‍යුන්ග් ගෙ ඇස් වලිනුත් දකින්න ලැබුණේ ආදරය.. ආදරය... ආදරය..


" මගේ බේබි.... ඔයා ගොඩක් ලස්සන වෙලා.. සුරදූතයෙක් වගේ.."

ටේහ්‍යුන්ග් ගේ කම්මුලක් අල්ලගේන ජන්කුක් කියද්දි ජන්කුක් ගෙ ඇස් එක්කම පැටලුනු ටේහ්‍යුන්ග් ගෙ ඇස් දැක්කෙ කාලයක් තිස්සෙ තමන් විඳින්න හොයපු උණුහුම කැටි කරගෙන තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් කියන තව දුරටත් ළමයෙක් නොවුණු වැවුණු තරුණයා දිහා.

" ජන්කුක්... මගේ කූ.. රාජ කුමාරයෙක් වගේ හැන්ඩ්සම්.. ඔයා කලින් ට වඩා ගොඩක් ලොකු වෙලා.. ගොඩක් කඩවසම් වෙලා.."

ටේහ්‍යුන්ග් රතු වුණ නහය පිට අල්ලෙන් පිහලා කියද්දි ජන්කුක් ආයෙමත් කතා කළා.

" මම ඔයා නැතිව මැරි මැරි ඉපදුනා බේබි. මම බය වුණා.. ඔයා ආයෙත් මං ගාවට එන එකක් නෑ කියලා.. "





ජන්කුක් කියපු ගමන් ටේහ්‍යුන්ග් තමන්ගෙ රෝස පෙති වගේ සිනිඳු තොල් ජන්කුක් ගේ පිම්බුණු රෝස තොල් මත්තෙන් තියලා දිගම දිග හාදුවක් දෙන්න පටන් ගත්තා.







" ආයෙ යන්නේ නෑ.. පොරොන්දු වෙනවා.. "

ටේහ්‍යුන්ග් හුස්ම අල්ලන ගමන් ම කියලා ජන්කුක් ගේ පපුවට තුරුල් වුණා.


























































ඔන්න ළමයි කතාව සම්පූර්ණයෙන්ම ඉවර කළා...

ඔයාලා මේ කතාව කියෙව්වනේ චැප්ටර් තිස් ගානක් දිගට.. නේද..?

ඉතින් හිතනවා කියවලා ඉවර වෙලා මට දිග කමෙන්ට් එකකුත් දීලා යයි කියලා...

ඔයාලගෙ ආදරේ තමයි මේ බුක් එකට මමත් ආදරේ වෙන්න ලොකුම හේතුව.

මම වට්පැඩ් වල මුලින්ම ලියන්න ගත්ත පොත මේ.. ට්‍රාන්ස්ලේෂන් එකක්...

එහෙනම් අනිත් පොතුත් කියවලා බලන්න මම ඔයාලාට ම දාලා තියෙන..

Quicky - SINHALA ✔️Where stories live. Discover now