14. සොෆ්ට්....

619 113 7
                                    

Flashback
රැදවුම් පන්තියේ සිද්ධියට දින කිහිපයකට පෙර...

Taehyung's pov

මට නම් තවදුරටත් මේක දරාගෙන ඉන්න බෑ. අර ජියොන් ජන්කුක් කියන එකා ගේ යක්ශ වැඩ දරාගන්න බැරුව තමයි මම දවසක මැරෙන්නේ...

භෞතික විද්‍යා මහාචාර්ය මිස්ටර් හන් කිව්වේ... මහ කේන්තියකින්.

මම එක පාරටම ගැස්සිලා ගියේ එක පාරටම ගොරවනවා වගේ ඇහිච්ච සද්දෙට බය වුණු පාර. මම වචනයක්වත් නොකියා අහගෙන හිටියා.

🐼 ඇයි... ඒ ගමන මොනවද කරලා තියෙන්නේ?

කෙමිස්ට්‍රි ප්‍රොෆෙසර් කිම් සොක් ජින් ඇහුවේ එයාගේ පුටුවේ වාඩිවෙලා.

🗣️ඒ මනුස්සයා නිදි මගේ පන්තියේ.. ඒකා මොකක්ද දන්නෑ හිතන් ඉන්නේ මගේ ලැබ් එක ගැන. ඒකාට මගේ ලැබ් එක පේන්නෙ හොටෙල් රූම් එකක් වගේ ද කොහෙද..

මිස්ටර් හන් ට කැමති දෙයක් කියාගන්න ඇරලා මම මගේ ඉයර්ෆෝන් එක කනේ ගහගත්තෙ සින්දුවක් අහන්න.

ජියොන් ජන්කුක් ගේ ඒ හැසිරීම මමත් නෝටිස් කරලා තියෙනවා මොකද මගේ පන්තියෙත් මිනිහා ඒ විදිහටම නිදා ගන්නවා. ඒත් හැමදාම නෙවෙයි. සමහර දවස් තියෙනවා එයා අවධානෙන් මං දිහා බලන් ඉන්න.

ඒත් එයා නිදාගන්න වෙලාවට, මම එයාට නිදාගන්න දෙනවා. මොකටද මම ඒක ගැන කලබල වෙන්න ඕන? එහෙම කරන එකේ පාඩුව මට නෙවෙයි එයාට.. එයා මගේ පන්තියේ නිදාගන්නවා කියන්නේ එයාට ඉගෙන ගන්න තියෙන අවස්ථාව මගහරිනවා කියන එක. මට මිස්ටර් හන් ට වගේ එයා ගැන කරදර වෙන්න ඕන නැහැ. එයා ගැන කේන්ති ගන්න ඕනත් නෑ. එහෙම කළොත් මම ඉක්මනට ම වයසට යයි...

මම කැමතිම සින්දුව මුමුණන ගමන් මම කර කර හිටපු වැඩේ කරන්න මම පටන් ගත්තා.

Time skip ( After the class)

මම ෆැකල්ටි රූම් එකෙන් එලියට යන්න එද්දි ගොඩක් ලමයි ගොඩනැගිල්ලෙන් එලියට ගියා. මම මට ආපු මැසේජ් කියවනකොට පඩිපෙළ ගාව ළමයි හිනාවෙන සද්දයක් මට ඇහුණා.

මම වැරදි නැත්තම් කටහඬ ජන් හෝසොක් ගේ..

🦄 බ්‍රෝ..... තව ඩිංගෙන් උඹව අද අපේ ටීචර් රෝස්ට් කරනවා...

Quicky - SINHALA ✔️Where stories live. Discover now