15. ඕ හෝ...

591 116 10
                                    

Author's pov
Lunch time..

ජන්කුක් දැක්කා ජිමින් ගෙදර යන්න එයාගේ බඩු ඉක්මනින් ලෑස්ති කරනවා. ජිමින් ගේ හැසිරීමෙ ජන්කුක් ලොකු වෙනසක් දැක්කෙ දවස් කීපෙකට කලින් ඉඳන්...

🐰 හේයි චිම්...

ජන්කුක් ජිමින් ගේ උරහිසට තට්ටු කළා. ජිමින් එක පාරටම ගැස්සිලා ගියා.

🐰 හේයි.. චිල් බ්‍රෝ... ඔයා ගැස්සුනේ නිකන් බූතයෙක්ව දැක්කා වගේ නෙ බන්..

🐥ම.. ම.. මම බයවෙලා ගියා කුක්..

🐰කොහෙද යන්නේ.. මාත් එක්ක ලන්ච් එක ගන්න ඉන්නෙ නැද්ද?

🐥මං......

ජිමින් ට කතාව කරගෙන යන්න බැරි වුණේ හෝසොක් එක පාරටම ආව හින්දා...

🦄 හේයි ෆකර්ස්... අපි කැෆෙටෙරියා එකට ගිහින් එකට ලන්ච් ගමු...

🐰මාත් ඒකම තමයි කියන්න ගියේ චිම්.. යං..

ජන්කුක් කිව්වේ ජිමින් ගේ අතින් අල්ලගෙන. ජිමින් අන්තිමට එකඟ වුණා.

🐥හොඳයි යමු.

🦄 යුන් ගී යි නම්ජුන් යි දෙන්නාම එතන. මම කිව්වා අපිටත් ඉඩක් අල්ලගන්න කියලා..

තුන්දෙනා කැෆෙටෙරියා එකට ගිහින් කෑම ඕඩර් කරලා ඒවත් අරගෙන ගිහින් මේ වෙලාවෙ රැප් සින්දු ගැන බරපතළ සාකච්ඡාවක ඉන්න නම්ජුන් යි යුන් ගී යි ගාවින් වාඩි වුණා.

එක එක දේවල් ගැන කතා කරන ගමන් කට්ටිය කෑම කන්න පටන් ගත්තා. තමන්ගෙ කතාව මැද්දෙන් යද්දි කට්ටිය දැක්කා නම්ජුන් එක පාරටම අත වනනවා.

🐨ප්‍රොෆෙසර් ජින්...

නම්ජුන් කතා කළා.. එයාගේ කම්මුල් දෙකේ ඩිම්පල්ස් හොඳජම පේන්න නම්ජුන් ප්‍රොෆෙසර් ජින් එක්ක හිනා වුණා.

හැමෝම ඔලුව අනිත් පැත්තට හරවලා බැලුවේ නම්ජුන් කාටද අත වැනුවේ කියලා... එයාලා දැක්කා රතු වුණ මූණක් එක්ක හිනා වෙලා ඉන්න ප්‍රොෆෙසර් ජින් ව. ජන්කුක් ගේ අවධානය ගියේ ප්‍රොෆෙසර් ජින් ට අනිත් පැත්තෙන් හිටිය කෙනා දිහාවට. ජන්කුක් එයාගේ බේබිව දැක්කා. ජන්කුක් එයාගේ බනී ටීත් සේරම පේන්න ටේහියුන්ග් එක්ක හිනා වුණා.

ජන්කුක් ගේ හිනාව අතුරුදහන් වුණේ ටේහියුන්ග් ගෙ අනිත් පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා දැක්කම. එයාගේ මූණ මැලවිලා ගියා ටේහියුන්ග් ට අනිත් පැත්තෙන් හිටපු කෙනා ටේහියුන්ග් ගේ දකුණු අතින් අල්ලලා එයාලා හිටපු ටේබල් එක ගාව තියෙන වෙනත් ටේබල් එකක් ගාවට එක්න් ගියහම.

මොකාද අර ෆකර්..? ඇයි ඌ මගේ බබාගේ අත ඒ විදිහට අල්ලගෙන ඉන්නෙ? ජන්කුක් තමන්ටම කියා ගත්තා. ජන්කුක් තමන්ගෙ දිවෙන් යටි තොල ඉස්සරහට තල්ලු කරන්න පටන් ගත්තෙ දිගටම ටේහියුන්ග් දිහා බලාගෙන. ජන්කුක් එහෙම කරන්නේ දේවල් තුනක් නිසා විතරයි. එක.. හිනා යන එක නවත්තන්න. දෙක... කේන්ති ගියහම. තුන.... ඊර්ෂ්‍යාව ඇති වුණහම..

ඒත් එයා දැන් ඉන්නේ තුන් වෙනි හේතුවේ උච්ච අවස්ථාවේ.. එයාට ඉරිසියයි නෙවයි..
















පැලෙන්න ඉරිසියයි...

හායි රීඩර්ස්.....






































මම විතරද අප්පා ජෙලස් ජන්කුක් ට කැමති....?






Next ep coming soon.






Quicky - SINHALA ✔️Where stories live. Discover now