03.කොටස

2.6K 399 63
                                    


එතකොටයි මං දැක්කෙ එයාගෙ අත..... එයාගෙ අත දකිනකොට පුදුමයෙන් මගෙ ඇස් දෙක ලොකු උනා......

*
*
*
*
එයාගෙ අතේ සිගරැට් එකක්.....මගෙ ඇස් දිහා බලාගෙනම අතේ තිබුන සිගරැට් එක එයාගෙ ඒ රෝස පාට තොල් පෙති අස්සෙ තියාගත්තා... මට බලන් ඉන්න බැ...හිතට වේදනාවක් වගේම කේන්තියක් දැනෙද්දි මං ආයෙත් ගාර්ඩ්න් එක පැත්තට හැරුනා....

මගේ මල්ලි උනා නම් අද මේකව හම ගහනවා.....ඒත් මට අයිතියක් නෑ ඇයි කියල අහන්නවත් එපා කියල කියන්නවත්.....එයාට එච්චර වයසක් නැ.... මට වඩා අවුරුදු 6ක් බාලයි කියලනෙ සුරේන් සර් කිව්වෙ...ඒ කියන්නෙ  එයාට දැන් 22යි....මං හිතන්නෙ තාම ඉගෙන ගන්නවා ඇති....ඇයි මෙහෙම නාස්ති වෙන්නෙ මේ පොඩි වයසට....? මේවා සුරේන් සර් දන්නවද.....?

ඒත් ඉතින් අද කාලෙ විදිහට ඕක මහලොකු දෙයක් නෙමෙයි... එයා කොළඹ සල්ලිකාර පවුලක හැදුන කොල්ලෙක්...  අවුරුදු ගානක් පිටරටකට ජීවත් උන කෙනෙක්.... සල්ලිකාරයො විතරක් මෙහෙමයි කියල කියන්නත් බැ... සල්ලි තිබුනා හෝ නැතා අද කාලෙ අවුරුදු 15, 16  ඉදන් කොල්ලෙක්ගෙ අතේ සිගරැට් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක් වෙලා.....

"හෙලෝ....හෙලෝ....අයියේ...!! ලොකූ.......!!!"

මල්ලි ෆෝන් එකෙන් බෙරිහන් දෙනවා දැනුයි ඇහුනෙ...මං ෆෝන් එක කනේ ගහගෙන එයා ගැන හිතලා....

"මොකද බන් බෙරිහන් දෙන්නෙ....?මගෙ කන පලන්නද හදන්නෙ...?"

"මොනවද ලොකූ කරන්නෙ..?ෆෝන් එක ආන්ස්වර් කලාට කතා කලෙ නැනෙ.."

"ආ..මට ඔයාව ඇහුනෙ නැ චූටි...සිග්නල් අවුලක් වෙන්න ඇති.....

මං කටට ආපු බොරුවක් කියල දැම්මා....නැත්නම් අපේ ඇටකිච්චා ප්‍රශ්න පත්තරයක් දිග අරිනවා....

."මං බය උනා අයියෙ.....ඔයා කොළඹට ගිහින් කතා කලාට ඒ සර්ලගෙ ගෙදරට ගිහින් කෝල් එකක් දුන්නෙ නැහැනෙ......"

"බය වෙන්නෙ මොකටද කියහන්කො...අනේ මන්දා.... උඹත් වෙලාවකට අම්මම තමයි..."

"හරි ඉතින්...අපිට පාළුයි හලෝ ඔයා නැතුව....දැන් ඉතින් වෙනදා වගේ උදේ ගිහින් හවස එන්නෙ නැනෙ....ඉන්නෙත් ලග පාතක නෙමෙයිනෙ....."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now