28.කොටස

1.9K 307 197
                                    

"අර අතන.... මෙතනින් අරන් ගිය කෙනා බඹරු විදලා වැටිලා හිටියෙ එතන......."

*
*
*
*

මං ඒ දිහා බලද්දි එතන නිවිලා ගිය හුළු අත්තකුත් වැටිලා තියෙනවා දැක්කා.... නෑ නෑ ඒක වෙන්න බෑ..... ඒ මගෙ මැණික වෙන්න බෑ.......

"කොහෙටද මල්ලි එයාව අරන් ගියේ....?"

මං ඒක ඇහුවෙ උගුරෙන් වගෙයි.....

"කට්ටියක් එක්ක අර පැත්තෙන් පාරට අරන් දුවනවා දැක්කා... දැන් පැයකටත් වැඩියි අයියෙ....මං හිතන්නෙ රිකිල්ලගස්කඩට ඉස්පිරිතාලෙට  ගෙනියන්නයි කට්ටිය කතා උනෙ..... මේ වෙද්දි උඩහා සුමනෙ මාමාගෙ ලොරියේ දාගෙන යන්නත් ඇති අයියෙ...."

ඒ කොල්ලා පෙන්නුවෙ ගමෙ හැමෝම නිතරම ඇල්ලට එන පාර.....ඒ පැත්තෙන් දුර වැඩි උනත් යන්න පහසුයි.... උඩහා වගුවෙන් හැරුනම කෙලින්ම බස් පාරට වැටෙනවා......වෙන මොනවත් අහන්න මට සිහියක් නැති වෙද්දි මං මගෙ කොල්ලගෙ ඔරලෝසුව එක අතකට තද කරගෙන ආයෙත් කැළෑ පාරෙන් කන්ද නගින්න දිව්වෙ කාර් එක අරන් රිකිල්ලගස්කඩට යන්න හිතාගෙන....ඒත් තියන අඩියක් ගානෙ දෙවියන්ට කිව්වෙ අනේ මං යද්දි මගෙ  කොල්ලා ගෙදර ඇවිත් ඉන්න කියලයි....

" ලොකු පුතේ.....!! කෝ...කෝ මගෙ පොඩි එකා........? මේ මොකද උබට උනේ...? ඔළුවත් පැලිලා දෙවියනෙ.... අනේ සුදු පුතා කෝ කියපන්කො....."

මං යද්දි අම්මයි  චූටියි කඩුල්ල ලග ඉදන් මගෙ  ඉස්සරට දුවන් එනකොට ආයෙ මගෙ බලාපොරොත්තු කඩ උනා.....

" මං මේ දුවද්දි වැටිලා පොඩි තුවාලයක් විතරයි අම්මෙ.... මගෙ කොල්ලා එක්කම බඹරු විදපු ටික දෙනෙක්ව රිකිල්ලගස්කඩට ගෙනියලා අම්මෙ... ඇළ පහල කිරි අත්තා කිව්වා මේ බඹර විස අඩු කාලෙ බය වෙන්න දෙයක් නැ කියලා....කාටවත් අමාරුවක් නැහැලු.......මං ඉක්මනට යන්න ඕනෙ අම්මෙ...අදුරන්නෙ නැති මිනිස්සු ගොඩෙ එයා බය වෙලා ඇති...."

හොස්පිට්ල් අරන් ගියේ කාවද එතන එයා ඉන්නවද නැද්ද කියලවත් දන්නෙ නැතුව හිතට දැනෙන බය වේදනාව හංගගෙන මං අම්මට එහෙම බොරු කිව්වෙ ලෙඩින් ඉන්න අම්මව කලබල කරන්න බැරි නිසයි.... දැන්  මට එයාව හොයන්න තියෙන එකම තැන එතන..... මොන තත්වෙන් හිටියත් මං එයාව සනීප කරගන්නවා....එයාට මුකුත් වෙන්නෙ නැ.... මං අදහන දෙවියො බුදුන් මට විශ්වාසයි.......

මගේ හිතුවක්කාරයා (Zhanyi) Completedजहाँ कहानियाँ रहती हैं। अभी खोजें