23.කොටස

1.9K 323 160
                                    


කාර් එක ගෙදර කඩුල්ල ලගට අරන් මං හෝන් එක ගහද්දි එයා මගෙ අතක් තදින්ම මිරිකගත්තා.... ඒත් එක්කම මගෙ මල්ලි කුඩයක් අරන් කඩුල්ල ලගට දුවගෙන එද්දි මං දැක්කා අම්මයි නැන්දයි වෙනුකියි දොරකඩ ලග ඉදන් මේ පැත්ත බලන් ඉන්නවා....

*
*
*

මල්ලි ඇවිත් කඩුල්ලට දාලා තිබුන උණබට අයින් කරද්දි මං කාර් එක වත්තට දාන්න කලින් එයා දිහා බැලුවා.... චණ්ඩියා වගෙ ආවට දැන් කොල්ලා ඉන්නෙ බයෙන්....ඒත් ඒ බය හංගගෙන එයා මාත් එක්ක හිනා උනා... මගෙ සිංහ පැටියා....

මං එයාගෙ නළලට හාදුවක් තියලා  ඈත් වෙලා ආයෙත් ඒ ඇස් දිහා බැලුවා....

"මොන දේ උනත් හිත රිද්දගන්න බෑ... ඉවසනවා කියල මගෙ මැණික මට පොරොන්දු උනා... මතකයි නේද..? "

"ම්ම්....ඒත්...මේ......."

" ම්ම්ම්...ඇයි මැණික....?"

"මේ... ඔයාගෙ නෑනාට ඔයාව කිස් කරන්න අල්ලන්න දෙන්න එපානෙ..."

එයා මගෙ අතක් අල්ලන්  ඇගිලි මිරික මිරික ඇස් බිමට බර කරන් එහෙම කියද්දි මං  මගෙ අනිත් අතින් එයාගෙ මුහුණ උඩට ඉස්සුවා....

"මේ අහන්න බෝ.... පොඩි කාලෙ වගේම වෙනුකි තාමත් මගෙ අතේ එල්ලෙනවා.... ඒක එකපාරටම නවත්තන්න අමාරුයිනෙ දරුවො.... ඒත් දැන් මං පුළුවන් තරම් අතෙ දුරින් ඉන්නම්..... පොඩි කාලෙ නම් කිස් කරලා ඇති නංගියෙක්............."

"ඊව්... තමුසෙ එකීව පොඩි කාලෙ කිස් කරාද අයියේ....?"

"අයියො මං කිව්වෙ අත දරුවා කාලෙ බන්..."

"ඒ කාලෙ හරි තමුසෙ මට කලින් ඒ වැදිරිව කිස් කරානෙ... ඒත් මට  කිව්වෙ නම් මට දුන්නෙ ෆස්ට් කිස් එක කියලා...හහ්..."

"ආහ්..."

ඒ මොන හරුපයක්ද ඒ කිව්වේ......

"හරි හරි ඒකට කමක් නෑ....ඒක දීලා ඉවරනෙ....ඒත් දැන් අතින් අල්ලන්න ඇගේ එල්ලෙන්න  එපා කියන්න.... ඔයා මගේනෙ අයියේ..... ඔයාගෙ හිතේ සහෝදර කැක්කුමක් තිබුනට එයාගෙ හිතේ එහෙම නෑ කියල දන්නවනෙ..... ඔයා උනත් තේජාන් අයියා මාව අල්ලනවට කැමති නෑනෙ...."

"ඔන්න ඉතින් ගෙට යන්නත් කලින් පටන් ගත්තද....? තේජානුයි වෙනුකියි කියන්නෙ දෙන්නෙක් බෝ....."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now