14.කොටස

2.5K 367 118
                                    

ගෙදර ඉස්සරහ දොර ලගින් තේජාන් කේන්තියෙන් කලබලෙන් කෑගහගෙන ගෙට එන හඩ අපිට ඇහෙනකොට කිචන් එකේ තාමත් ආදරෙන් තුරුල් වෙලා ඉන්න අපි දෙන්නම මුහුණට මුහුණ බලාගත්තෙ කුතුහලයකින්...

*
*
*

"මේ යකා මොකද මේ කෑගහන්නෙ...? එන්න යමු බලන්න...."

"අයියේ....."

එයාගෙන් ඈත් වෙලා එයාටත් එන්න කියල ඉස්සරහට යන්න හදපු මාව එයා ආයෙත් අතින් අල්ලන් නවත්තගත්තා....

"ඇයි....?"

"අනේ ඔයා එයත් එක්ක රණ්ඩුවට නම් යන්න එපා හරිද.....?"

එයා එහෙම කිව්වෙ බයෙන් වගෙ... ඇයි එයා එච්චරටම තේජාන්ට බය...? මං එයාගෙ ඇස් දිහා ටික වෙලාවක් බලන් ඉදලා යන්තමින් හිනා වෙලා හා කියලා යන්න හැරුනා...

ඒත් ඉස්සරහට අඩියක් තියන්න කලින් මතක් උන දේ නිසා මං ආයෙත් හැරිලා එයා දිහා බැලුවෙ කේන්තියකින්....  මං කේන්තියෙන් බලපු විදිහට එයා බය උනා......

"අ..අයි..යේ..... ඇයි...මේ....?"

එයා බයෙන් වචන ගලපද්දි මං එයාගෙ මුහුණට ලන් උනා....

"අර ඇවිත් ඉන්න එකා තමුන්ගෙ කවුරු උනත් ඌ මොන වගේ එකෙක්ද කියල මං ඌව දැක්ක දවසෙම තේරුම් ගත්තා.... අද තමුසෙ මේ එළියේ දාන් ඉන්න කකුල් දෙක දැකලා ඌ පිස්සු බල්ලෙක් වගෙ ඇවිත් උබව එහෙන් මෙහෙන් ඇල්ලුවොත් මේ ශාන් කියන්නෙ කවුද කියල තමුසෙ වගේම ඌත් දැනගනියි.... ඒ නිසා ඌගෙ හුස්මක්වත් වදින්න ලගට ගිහින් මාව යකා කරගන්න එපා මැණික... තේරුණාද....?"

එයා ඇස් දෙක ලොකු කරන් බයෙන් ඔළුව උඩට පහලට කරද්දි මං කිචන් එකෙන් එළියට ආවා....

ඉස්සරහ කවුරුත් පේන්න නෑ.... එතකොට මං දැක්කෙ උඩ තට්ටුවෙ ඉදන් පහලට එන තේජාන්ව... ඌ බෝබෝව හොයන්න කමරේටත් ගියාද....?නීතා අම්මත් පඩිපෙල ලග ඉදන් බය වෙලා තේජාන් එන දිහා බලන් ඉන්නවා මං දැක්කා...

"තේජාන් අයියේ....!! මොකද මේ කෑගහන්නෙ...? මේ ගෙදර මිනිස්සුන්ගෙ කන් ඇහෙන්නෙ නෑ කියල හිතුවද.....?"

මාත් එක්කම මගෙ පිටිපස්සෙන් ආපු බෝබෝ මගෙ ලග නතර වෙලා පඩිපෙල බැහැගෙන එන තේජාන්ගෙන් එහෙම අහද්දි එයාගෙ හඩට තේජාන් අපි ඉන්න පැත්ත බැලුවෙ කේන්තියෙන්...

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now