15.කොටස

2.5K 358 74
                                    

එයා පිස්සුවෙන් වගෙ කිස් කරනවට වඩා තොල් දෙක හපන්න ගත්තා.... එයාට අහන්න ඕනෙ නැද්ද මොකක්ද උනෙ කියලවත්.... කමක් නෑ..... ඇති තරමක් මගෙ සිංහ පැටියට මාව හපන්න උරන්න ලෙවකන්න දෙනගමන් එයාගෙ කළවා යටින් අත දාලා උස්සලා ගන්නකොට එයත් ඉක්මනට මගෙ ඉනවටේ කකුල් ඔතාගෙන කරේ එල්ලිලා මට තවත් තුරුල් උනා...

*
*
*

එයා මගෙ තොල් කිස් කරද්දි මං එයාව එහෙම්ම උස්සගෙන ගිහින් ඇදෙන් වාඩි වෙලා අමාරුවෙන් එයාගෙ තොල් වලින් මිදුනා.... මං මේකාව කාපු එකට මගෙන් පලිගත්තා වගෙ.... අම්මොහ් තොල් පුපුරු ගහනවා....

"ඇති කොල්ලො ඔහොම හිටපියකො..."

මං අමාරුවෙන් ගැලවුනා විතරයි මේකා ආයෙත් කූඩැල්ලා වගෙ එල්ලෙන්න හදනවා... ඒකට මොකද මටයි වල් හාවා කියන්නෙ...

"අනේහ්... මොකක්ද අප්පා.. දැනුත් බෑ කියලද කියන්නෙ ආ....?"

"මොනවද දැන් මං බෑ කිව්වේ...? ම්ම්...?"

"ඒක කරන්න...."

"මොකක්ද... ?"

"ඇයි දැන් රූම් එකට එන්න කලින් ඩෑඩ් ඔයාට කිව්වෙ...."

"ඈහ්හ්.....!!"

"මට ඒක ඇහුනා ඉතින්.... ඔයා පරක්කු නිසා මං ආවනෙ පහලට.... ඉතින් මගක් දුර එනකොට ඩෑඩ් ඔයාට කියපු එක මට ඇහුනා....

"මොකක්...?? ඔයාට ඇහුනා...?? "

"ඔව් ඉතින් ඇහුනා... ඕක පුදුම වෙන්න දෙයක්ද....? ඇහුනගමන් මං ඉක්මනට දුවගෙන ආයෙත් රූම් එකට ආවා...."

හප්පෙ... මේ තාත්තයි පුතයි දෙන්නම එකයි බලන් යද්දි...

"ඉතින් ඔයාට පුදුම නැද්ද බෝ..? ඔයාගෙ තාත්තා අපි ගැන දන්නවා... කෙලින්ම ඇහුවෙ නැතත් කෙලින්ම කිව්වෙ නැතත් එයා අපිට කැමැත්ත දුන්නා....මගෙ ගෙදර අයගෙ පැත්තෙන් ප්‍රශ්න විසදගෙන අපිට කැමති තීරණයක් ගන්න අවසර දුන්නා..."

" නෑ...මට නම් පුදුම වෙන්න දෙයක් නෑ... මං දන්නවා මුල ඉදන්ම අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න ගත්තොත් ඩෑඩ් අනිවාර්යයෙන් අපිට ඉඩ දෙනවා කියල... මොකද එයාට එයාගෙ මේ පුතාටත් වඩා ශාන් පුතාව විශ්වාසයි.... ශාන් පුතාට ආදරෙයි....ඒ නිසා මගෙ හිතේ ඒ ගැන බයක් තිබුනෙ නෑ.... දැන් හරිද....? දැන්වත් අපි ඒක කරමුකො මනුස්සයො...."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now