46.කොටස

1.7K 252 166
                                    

ඈන් ඔෆිස් එකෙන් එළියට යද්දි මගෙ කොල්ලා කෑගහලා අඩන්න ගන්නකොට මං මගෙ කදුළු හිරකරගෙන එයාට ඇති තරම් අඩන්න දුන්නා.....

*
*
*
*
*

සලං......

"බෝ...........!!"

"සොරි....ම්..මං....මට......"

"ඒකට කමක් නෑ.....කෝ මෙහාට වෙන්න ඔයාගෙ කකුල කැපෙයි......."

හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර ඇවිත් දෙන්නම එකට වොශ් දාලා කිචන් එකට ආවෙ උයන්න.... උයන්න කලින් එයාට හදලා දුන්න ජූස් එක එයාගෙ අතින් බිම වැටෙනකොට මං ගැස්සිලා බැලුවා..... එයා ඉන්නෙ ලොකු කල්පනාවක...... වැටුන වීදුරුව දිහා බලන් එයා මගෙන් සමාව ඉල්ලනකොට මං එයාව උස්සලා අරන් ටේබල් එක වාඩි කරලා බිම තිබුන වීදුරු කටු අස් කරලා අතුගාලා මොප් කරා....

"ඉන්න මං ආයෙත් එකක් හදලා දෙන්නම්....."

"එපා අයියෙ.... දැන් එපා........"

"නෑ...ඔයා ඔහොම ඉන්න.... උදේට කෑවෙත් පොඩ්ඩයිනෙ.... මං තව එකක් හදන්නම්....ඒක බීලා උයමු...."

"ඉව්වට මට කන්න බෑ අයියෙ...."

මං ආයෙත් අලිපේර දෙකක් අතට ගද්දි එයා හෙමීට කියපු දේ මට ඇහුන නිසා මං හැරිලා බැලුවා.... එයා හිටියෙ ඇස් බිමට බර කරගෙන..... ඒකට මං මුකුත් නොකියා තව ජූස් එකක් හදලා එයා ලගට ගිහින් මං මේසෙ උඩ හිටගෙන හිටපු එයාගෙ කකුල් දෙක මැද හිටගෙන වීදුරුව එයාගෙ අතට දෙනකොට එයා ගැස්සුනා.....

"මොනවද හිතන්නෙ....? ම්ම්...?"

"අ..අයියෙ...ම්..මං මේ..මේ..........."

"මේ මේ නෙමෙයි තනියම හිතලා ඔළුව අවුල් කරගන්න බෑ.... තනියම ප්ලෑන් ගහලා මේ පාර මගෙ යකා අවුස්සන්නත් එපා.....තේරුණාද.......?"

"ම්ම්...තේරුණා....ඊයෙ පොරොන්දු උනානෙ මගෙ මහත්තයට හැමදේම කියනව කියලා...."

"මගෙ හොද කොල්ලා.... දැන් කියන්නකො මොනවද හිතුවෙ....? "

"මං මේ කල්පනා කරේ ඈන්ගෙයි තාත්තගෙයි ෆොටෝස් මට එව්වෙ තේජාන් නම් එතකොට මට අවුරුදු දහයෙදි කවුද අර වගෙ ෆොටෝස් මට එව්වෙ...? ඒ කාලෙ තේජාන් අයියට 16යි....ඔයා හිතනවද අයියෙ ඒකත් තේජාන් අයියගෙම වැඩක් කියලා.....? "

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now