53.කොටස

1.9K 254 124
                                    

එකපාරටම කටින් පිට උන ඉකියක් එක්කම දේවාන් අමාරුවෙන් වචන ගලපද්දි යන්න හැරිලා හිටපු ආදිත්‍ය පුදුමයෙන් දේවාන් දිහා බැලුවා....

"ම්..මං ආදරෙයි ආදී........"

*
*
*
*

අන්තිමට මෙච්චර දවසක් හිතේ හිර කරගෙන හිටපු හැගීම් දේවාන්ගෙ කටින් පිට වෙද්දි මං දැක්කා ආදිත්‍ය හුස්ම හිර වෙලා වගෙ දේවාන් දිහා බලන් ඉන්නවා..... මගෙ මැණික මගෙ පපුව හපාගෙන අඩනවා.... මං දන්නවා එයා අඩන්නෙ සතුට දරාගන්න බැරුව.... මං එයාව තුරුල් කරන් ඔළුව අතගානකොට මගෙ ඇස් වලටත් කදුළු පිරුණෙ ඒ සතුට වෙනුවෙන්මයි......

"අනේ...මාව...දාලා.. යන්න..එපා...ආදී...ම්..මට... සමාවෙන්න... ම්..මට සමාවෙන්න....මෙච්චර... පරක්කු...උනාට....මට...මගෙ...හිත තේරුම්ගන්න...බැරි...උනා....මං..... හිටියෙ....අතරමං වෙලා...වගෙ....ම්..මං මට්....................."

එච්චරයි.... ඊට වඩා කියාගන්න බැරුව දේවාන්ට කෑගහලා ඇඩුනා....කොල්ලා අඩන සද්දෙටයි ආදිත්‍ය හරි සිහියට ආවෙ.... ආදිත්‍ය ඉක්මනට දේවාන් ලගින් වාඩි වෙලා දේවාන්ගෙ මුහුණ අත් දෙකෙන්ම අල්ලගෙන මුහුණ එබුනා.... මගෙ පපුව අස්සෙ අඩ අඩ හිටපු එකාත් හොටුයි කදුළුයි ඔක්කොම මගෙ ශර්ට් එකෙන් පිහිදගෙන ආයෙත් ඔළුව උස්සල ඒ දෙන්නා දිහා බැලුවා.....

"ආයෙත් එකපාරක් කියන්න මගෙ දේව්....ආයෙත් එකම එක පාරක්...... මට ආදරෙයි කියන්න මගෙ රෝස මල...."

දේවාන්ගෙ ඇස් වලින් ගලන කදුළු අත් දෙකෙන්ම පිහිද පිහිද ආදිත්‍ය ඒ වචන ටික ඇහුවෙ නොසන්සුන්ව කියල මට තේරුනා......

"එපා.......!"

"අහ්........"

"මට රෝස මල කියන්න එපා.... තමුසෙ අශූටත් රෝස මල කිව්වා...."

ආදිත්‍යගෙ අත් දෙක අයින් කරලා දේවාන් ඒ කියපු කතාවට මට බකස් ගාලා එළියට පනින්න ආපු හිනාව මං අමාරුවෙන් නවත්තගත්තා.... හොදවැඩේ ඕකාට....උබ මගෙ එකාට රෝස මල කියද්දි මටත් උබව ඩෙවල් දාන්න හිතුනා....
දේවාන්ගෙ වචනත් එක්ක ආදිත්‍යගෙ මුහුණ තැලිච්ච කජු ලෙල්ලක් වගෙ වෙද්දි මට දැනුනෙ කරිරු සතුටක්....

"නෑ දේව්..... ඌට මං රෝස මල කියන හැමවෙලාවෙම මගෙ ඇස් ඉස්සරහ මැවුනෙ උබව රත්තරන්.... නැත්නම් අර වගෙ කටු අත්තකට කවුද බන් රෝසමල කියන්නෙ....මගෙ හදවතින් මං එහෙම කිව්වෙ උබට විතරයි දේව්....."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now