38.කොටස

1.6K 263 218
                                    

සිද්ධ උන දේවල් ආයෙත් එකින් එක මතක් කර කර මේ ප්‍රශ්න වලට විසදුමක් හොයන්නෙ කොහොමද කියලා කල්පනා කරද්දි බෙහෙත් වල සැරට මගෙ ඇස් නිදිමතෙන් බර වෙන්න ගත්තා.... දවසම එයාගෙ ඉස්සරහ හංගන් හිටපු කදුළු පියවුන ඇස් අගින් ගලන් යද්දි හීනෙන් වගෙ මට එයාගෙ පපුවෙ උණුසුම, සුවද දැනෙන්න ගන්නකොට මං නින්දෙන්ම ඒ සදුන් සුවද පිරුණු උණුසුම් පපුවට පොඩි එකෙක් වගෙ තුරුල් උනා....

*
*
*
උදේ පාන්දර එලාම් එකටත් කලින් මං  ගැස්සිලා ඇහැරුනෙ නරක හීනයක් දැකලා....මගෙ බෝ.... එයාට... නෑ නෑ එහෙම වෙන්න බෑ.......මං ඇස්දෙක තද කරලා පියාගත්තට දෙයක් මතක් වෙලා ආයෙත් ඉක්මනට ඇස් ඇරියා.... ඊයෙ රෑ හීනෙන් වගෙ මට දැනුන එයාගෙ සුවද උණුසුම මතක් වෙද්දි මං ඇදෙන් වාඩි උනෙ ඉද්ද ගැහුවා වගෙයි......ඒත් මගෙ එහා පැත්තෙ එයා හිටියෙ නෑ..... එයා හිටියා කියන්න සලකුණක්වත් නෑ.....නැගිටනකොට මං හිටියෙ එයාගෙ කොට්ටෙ පපුවට තුරුල් කරගෙන.... එයා ලග නැතත් ඊයෙ වගේම  මේ  කොට්ටෙන් මගෙ ලගින් එයාගෙ සුවද දැනෙනවා....ලග නැති උනත් එයා මං ලග හිටියා වගේම දැනෙනවා...... එතකොට ඒකත් හීනයක්ද.....?හ්ම්ම්..... හිත වේදනාවෙන් බර වෙනකොට  ඇදෙන් නැගිටලා මං වොශ්රූම් එකට ගියා....

කලින්ම නැගිට්ටෙ මොනව හරි උයන්න  ඕන නිසයි... මුහුණ ටිකක් හෝදගෙන  ටීශර්ට් එකයි ෂෝට් එකකයි ඇදන් පහලට එන්න කලින් එයාගෙ කාමරේ ලග නැවතුනා.... එයා නිදි ඇති... දැන්ම ඇහැරවන්න ඕනෙ නෑ.......තව ගොඩාක් වෙලා තියෙනවනෙ....එහෙම හිතලා  පඩිපෙල බහිනකොට දැක්කා කිචන්  එකේ ලයිට්ස් දාලා තියෙනවා.... වතුර සද්දයකුත් ඇහෙනවා.... මං ඉක්මනට ගිහින් ඔළුව දාලා බැලුවා.....

එයා මටත් කලින් නැගිටලා.....  මොනවද ඒ කරන්නෙ.....? දෙයියනේ කිචන් එක පිස්සන් කොටුවක් වගෙ...... ඒත් හොද සුවදක් නම් එනවා.... එයා උදෙන්ම නැගිටලා තනියම උයලද......? සින්ක් ලග මොකද කරන්නෙ....? වෙනදා වගේම එයාටත් වඩා ලොකු දිග ටීශර්ට් ඇදලා..... චූටි ශෝට් කෑල්ලක් ඇදලා ඇති.... ඒත් ඒක පේන්නෙ නෑ..... දකිද්දි ලෝභයි මට.....මට ආදරෙයි කියපු දවසෙ ඉදන් හුස්මක් තරම් ලගින් මගෙ  ඇගේම දැවටිලා හිටපු කොල්ලා.... මගෙ පණ......

එයා දිහා බලන් ඉන්නකොට පිටිපස්සෙන් ගිහින් තුරුල් කරගනින් කියලා හිත කෑගහද්දි  මං අත් මිටි මොලවගෙ අහක බලාගත්තෙ ඇස් දෙක තදින් වහගෙන..... එයාගෙ වචන ආයෙත් මතක් කරගෙන ලොකු හුස්මකින් පපුව පුරවන් එයාගෙ  පිටිපස්සෙන් ගිහින් එයාට අඩියක් දුරින් නැවතුනා.... ටැප් එකේ වතුරට අත අල්ලගෙන එයා ලොකු කල්පනාවක වගෙ...මං ලගට එනවා ඇහුනෙ නෑ......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedOn viuen les histories. Descobreix ara