27.කොටස (බෝනස්)

1.8K 294 116
                                    

චූටි  කියන වචනයක් ගානෙ  මගෙ කන ඇතුලෙ දෝංකාර දෙද්දි චූටිගෙ උරහිසෙ තිබුන  මගෙ අත් පහලට වැටුනා.... 

දෙයියනේ මගෙ කොල්ලා........

*
*
*
"යකඩෝ....වෙනුකියා කියන්නෙ අපේ නිමල්ගෙ කෙළී නේද....? මොන හු#$&#ද  දැන දැනම පාඩුවෙ ඉන්න සත්තුන්ට ගල් ගහන්න ගියේ...? ජීවිත කීයක් අනතුරේද දැම්මද බලපන්කො..... තූහ් නොදකින්  මේ වගේ උන්......දැන් ගියත් වැඩක් නෑ කොල්ලො.... කවුරු හරි පහල හිටියනම් මේ වෙද්දි ඉවරෙටම ඉවරයි....."

"අනේ...හ්.... දෙයිය..නේ මොකක්ද අර...බැල්ලි...කරපු අපරාදේ...........
ලොකු පුතේ...හ්.....අනේ .....මගෙ පොඩි...එකාව හොයා..ගෙන වරෙ..න් දෙයියො.... පලයා...න්...!!"

චටාස්.............

මල්ලි කියපු  දේවල් වලට මාව එතනම ගල් වෙලා හුස්ම හිර උනා වගේ දැනෙනකොට අම්මා ගහපු කම්මුල් පාරට මං හොද සිහියට එද්දි තව එක මොහොතක්වත් එතැන නොරැදි වැටි වැටි දිව්වෙ මගෙ අහිංසකයගෙ මුහුණ  මගෙ ඇස් ඉස්සරහ මැවි මැවි පේනකොටයි.....

"කොල්ලෝ......!!කොහෙද දුවන්නෙ...??ඔහොම නැවතියන්....!! තාම කදු බෑවුමෙ උන් කැරකෙනවා යකෝව්......!!!!"

කවුරුත් කියන ඒවා මගෙ ඔළුවට ගියේ නෑ..... පිස්සු වගෙ පාර පුරා දුවන් ආපු මං දෙවටින් පැනලා කන්දෙන් පල්ලම් බහින්න ගත්තෙ හීයක වේගයෙන්....ඒ ආපු වේගෙට ගහක් මුලක කකුල පැටලිලා උඩින්  විසික් වෙලා යද්දි මාව  වැටුනෙ ගල් දෙබොක්කාවක් අස්සට....

"ආහ්හ්...අම්ම...හ්.."

ගලක නලල වැදුන පාර ඔළුව ඇතුලෙන් දෙදුරුම්කාලා ඇස් නිලංකාර වෙද්දි මං ඔළුව දෙපැත්තට හයියෙන් ගසලා එතන තිබුන ගලට වාරු වෙලා නැගිට්ටා..... ටික වෙලාවකින් නලල දිගෙ උණුසුම්ව පහලට ගලපු ලේ වලට එක ඇහැක් පියවෙද්දි මං ඉක්මනට ඇදන් හිටපු ශර්ට් එකෙ උරහිසෙන් ඇහැ පිහිදගෙන ගල් අස්සෙන් එළියට පැන්නා.....  අතකත් වැලමිට ලග ඉදන් පහලට  පතුරු යන්න හීරිලා තිබුනා.... මට ඒත් වේදනාවක් දැනුනෙ නැති වෙද්දි මගෙ කොල්ලව පරිස්සම් කරන්න දෙවියනෙ කිය කිය දහස්වාරයක් හිතින් දෙවියන්ගෙන් යැද්දා....

"බෝබෝ.......!!!!!!  බෝ.........!!!!! ඔයාට මාව ඇහෙනවද........!!! "

මං කදු පල්ලම දෙවනත් වෙන්න කෑගැහුවෙ මගෙ කටහඩට ඇහුනගමන් කොහෙ හරි හැංගිලා ඉන්නවනම් ඉන්න තැනකින් එළියට එයි කියලා හිතාගෙන.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now