44.කොටස

2.1K 275 176
                                    


"ම්හ්ම්.... ඔක්කොම කියන්න ඕනෙ මට.... අහන් ඉන්න මගෙ අයියෙ.... ඒ දේවල් මතක් වෙද්දි දරාගන්න අමාරු උනත් තරහා ගියත් ඔයා ලගදි ඉක්මනට මගෙ හිත නිවෙනවා....."

*
*
*
*

"ම්ම්....මං අහන් ඉන්නෙ.....කියන්න මගෙ රත්තරන්...."

අතීතය මතක් වෙද්දි එයාට ආයෙ රිදෙනවා කියලා මං දන්නවා..... ඒත් මට ඕනෙ නෑ එයා ඒ මතකයන් අස්සෙ ආයෙ වේදනා විදිනවා බලන්න.....එයාට කියන්න කියල මං එයාව බදාගෙන දෙපැත්තට වැනෙනගමන් බෝල කම්මුල් දෙක එබෙන්න එකදිගට හාදු දුන්නා..... මගෙ වස්තුව මේ..... මේ ලොකෙ මට ලැබුන වටිනම තෑග්ග.... මං එයාට කොච්චර ආදරේ කරත් ඒත් මදි මට.....

"කෝ ඉතින් කියන්නෙ නැද්ද...?"

එයා මුකුත් නොකියා මං දිහා බලන් ඉද්දි මං එයාගෙ ඇස් වලට එබිලා එහෙම අහනකොට එයා හරි ලස්සනට හිනා උනා.....

එයා හිනා වෙලාම බලන් ඉද්දි මං හෙමීට ඒ කම්මුලක් මිරිකුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා හිනා වෙලාම බලන් ඉද්දි මං හෙමීට ඒ කම්මුලක් මිරිකුවා.... රෝස බෝනික්කා මගෙ.....මට ඕනෙ හැමදාම එයා  හිනා වෙනවා දකින්න.....එයා එහෙම හිනා වෙද්දි මගෙ හිත පිරෙනවා......මං ආසම මගෙ හිත හිරිවට්ටන හිනාව...මාව පිස්සු වට්ටන හිනාව.....අනෙ එයා මගෙනෙ කියල හිතෙනකොට හිත තවත් එයාට ලෝභකම් කරනවා.... දෙව් රුවක් පරදන්න පුළුවන් ඒ රූපෙ දිහා කොච්චර බලන් හිටියත් මදි මට.... එයා වශියක් මට, ඇබ්බැහියක්.... වෙලාවකට ඇස් අහකට ගන්න බැරි තරමටම මගෙ ඇස් ඒ රූපේට ඇලෙනවා...

"අම්මො ඔහොම බලන් ඉද්දි කියන්නෙ කොහොමද අප්පා... මාව දිය වෙනවනෙ...... වචනත් අමතක වෙනවා.....තමුසෙ මාව ඇස් වලිනුත් කනවා අයියෙ......!!"

එයා මුහුණ රතු කරන් මගෙ මුහුණ අස්සෙ බෙල්ල ඔබාගෙන කෑගහනකොට මට හයියෙන් හිනා ගියා....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now