34.කොටස

1.6K 263 123
                                    

අන්තිමට කරන්නම දෙයක් නැති තැන පුළුවන් තරම් ඉක්මනට ගිහින් මාමාව බලලා කතා කරලා එනවා කියලා මං තීරණය කරේ එයා දේවාන්ටත් කෝල් කරලා ගෙදරට ගෙන්න ගත්තට පස්සෙයි.....

*
*
*

"දේවාන්...... වැඩිම උනොත් මට පැය 6ක් යයි ගිහින් එන්න..... පුළුවන් තරම් ඉක්මනට මං එනවා.....මගෙ කොල්ලව පරිස්සමින් බලාගනින් මල්ලි......."

මං දේවාන්ට එහෙම කිව්වෙ හයියෙන් ගැහෙන පපුවට මගෙ කොල්ලව තදින් තුරුල් කරගෙන..... පැයක් තියා දැන් මට එක මොහොතක් එයාගෙ දුරස් වෙලා ඉන්න අමාරුයි.... මගෙ පපුව හයියෙන් ගැහෙනවා එයාට දැනෙනවා ඇති.....

"ඔයා බය වෙන්න එපා ශාන් අයියේ.... මේ මගෙ චූටි මල්ලියනෙ... "

"මට උබව විතරයි මල්ලි විශ්වාස කරන්න පුළුවන්...උබ ඒක දන්නවනෙ....මේ මගෙ හුස්ම ටික...... මං උබට භාර දීලා යන්නෙ මගෙ ජීවිතේම......."

"හරි අයියේ.... මේකා ගැන බයෙන් කලබලෙන් ඩ්‍රයිව් කරන්න එපා.... කොල්ලා ගැන හිතලම ඔයා පරිස්සමින් ගිහින් එන්න......."

මට බෝගෙ පවුල් වල අයගෙන් දේවාන්ව විතරයි විශ්වාස කරන්න පුළුවන්.... මොකද, බෝ එයා ගැන මට නොකියපු ගොඩාක් දේවල් මට දේවාන්ගෙ මාර්ගයෙන් හොයාගන්න ලැබුනා.... බෝ රට යන්න කලින් ඒවා වගේම එහෙ සිද්ධ උන දේවල්...... ඒ දේවල් එහෙම උනේ ඇයි ඒවගෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නෙ බෝ විතරයි...... ඒ මොනව උනත් අහපු දැකපු දේවල් වලට වඩා මං මගෙ කොල්ලව විශ්වාස කරනවා.... එයාම කවදාහරි කියනකන් එයාගෙන් කිසි දෙයක් අහන්න එපා කියලා එයා මට කිව්වෙ තාත්තගෙන් අපේ ආදරේට අවසර ලැබුන දවසෙමයි.... ඉතින් එයාම දවසක කියනකන් මං බලන් ඉන්නවා....

එයත් මාව තදින් බදාගෙන එයාගෙ උණුසුම් තොල් මගෙ බෙල්ලට තද කරන් ඉන්නවා.... මාව යවන්න ඕන නිසා නොපෙන්නුවට එයා හිතින් අඩනවා කියල මං දන්නවා....මටත් වඩා එයාට මාව ඕනෙ.... වැඩි වෙලාවක් මං වොශ්රූම් එකේ හිටියත් 'ඉක්මනට එනවකො අයියේ මට පාළුයිනෙ ' කියලා දොර කඩන්න හදන කොල්ලා මං නැතුව පැය පහක් හයක් කොහොම විදවයිද කියලා හිතෙනකොට මගෙ පපුව පිච්චෙනවා........ ඒත් මේ වෙලාවෙ අපි දෙන්නම අසරණයි.... අපිට ආත්මාර්ථකාමි වෙන්න බෑ... ඒ නිසා ගිහින් පුළුවන් තරම් ඉක්මනට එනවා කියල මං හිතාගත්තා......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now