36.කොටස

1.5K 259 123
                                    

"ආ...මේක බොනවා ඉක්මනට....මට වැඩ තියෙනවා......"

*
*
*
*

මං තාම ඇදේ හාන්සි වෙලා ඉන්නෙ....එයා දිහා ටිකක් වෙලා බලන් ඉදලා මං හෙමීට නැගිටින්න හැදුවෙ ඇදේ පත්තට හේත්තු වෙන්න......

"ආහ්හ්....."

"අ..ඇයි මොකක්ද උනේ.....?"

එයා ඉක්මනට කිරි එක ටේබල් එක උඩින් තියලා මට ඇදේ හාන්සි වෙන්න උදව් කරා.... එතකොට මං දැක්කෙ එයාගෙ අත..... වම් අත බැන්ඩේජ් කරලා.......ආයෙත් තුවාල කරගෙනද....

"බෝ...මේ අතට මොකක්ද උනේ....?"

"ඒක තමුන්ට වැඩක් නෑ....."

"එහෙනම් කාටද වැඩක් තියෙන්නෙ....? "

"කට වහගෙන මේක බොනවද........?"

"කට වහගෙන කොහොමද බොන්නෙ...?"

එයා මට රවලා කිරි එක මගෙ අතට දුන්නා......නැගිටලා ඇදෙන් වාඩි වෙන්න මට අමාරුවක් තිබුනෙ නෑ.... මං බොරුවට කෙදිරිගෑවෙ එයා මොකක්ද කරන්නෙ බලන්න.......... එයාට අමාරුයි එයාගෙ ආදරේ හංගන්න.... බලමුකො තව කොච්චර වෙලාවක් වෙලාවක්  ඔහොම ඉදියිද කියල......

මං කිරි එක බොන්න කට ලගට අරන් ආයෙත් එයා දිහා බලලා ඒක එයාට දික් කරා....

"මේ මොකද.....?"

"මේකෙන් ටිකක් බොන්න....."

"පිස්සුද...? මං  මොකටද කවුරුත්  බීපුවා බොන්නෙ....?"

එයා කියපු එකට මට හිනා ගියා....මගෙ කට ඇතුලෙ තියෙන ඒවා දිවෙන් අරන් කන බොන එකාද අද මෙහෙම කියන්නෙ..?

"මං මේක බිව්වෙ නෑ.........මේකෙන් ටිකක් බොන්න...."

"මට එපා......මං බීලා ඉන්නෙ....."

"ආදරේට දුන්නා නෙමෙයි......"

"ආහ්...."

"මට සැකයි......."

"මොකක්......?"

"ම්ම්....දේපල ලිව්වෙ නැති නිසා මාව මරන්න මේකට වස දාලද දන්නෙ නෑ........"

මං එහෙම කියද්දි ඒ ඇස් ගැස්සුනා.....

"හහ්..... එහෙම මරන්න ඕන උනානම් මීට කලින් මරන්නෙ.... මට ඕනෙ තමුසෙ විදවලා මැරෙනවා බලන්න....."

"බෝ...."

ඒ වචන........ ඒ වචන මගෙ පපුව පසාරු කරගෙන යද්දි මට හීල්ලුනා.....එයා වචනෙට හරි ඔහොම කියන්නෙ කොහොමද......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now