21.කොටස

2.2K 327 155
                                    

අද රෑ ඇස් දෙකට නිදිමතක් එන්නෙ නෑ කියල මං දන්නවා....කමක් නෑ....'මං එනකන් පරිස්සමින් ඉන්න මගෙ මැණික.....' හිතින් එහෙම කියනගමන් මගෙ එහා පැත්තෙ තිබුන එයාගෙ කොට්ටෙ අරන් පපුවට තුරුල් කරගත්තා....මේ කොට්ටෙ එයා වෙනුවෙන් තිබුනට එයා මේ දවස් තුනම නිදාගත්තෙ මගෙ පපුව උඩ නේද කියල මතක් වෙද්දි මගෙ ඇස් අගින් කදුළු බිංදු දෙකක් ගලන් ගියෙ මටත් නොදැනිමයි......

*
*
*

අද රෑ මට වගේම එයාටත් නින්දක් නැති වෙයි... ඒක මං හොදටම දන්නවා.... මං ලගට යන්න කියල එයාගෙ හිත කෑගැහුවත් එයාගෙ හිතුවක්කරකම එයාව නවත්තනවා ඇති.....

මං එයාගෙ කොට්ටෙ පපුවට තුරුල් කරන් කළුවර දිහා බලන් ටිකක් වෙලා කල්පනා කරා.... ඒත් එක්කම මට ඇහුනෙ  හෙමීට මගෙ කාමරේ දොර ඇරෙන සද්දයක්......  එයා එනවා..... හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුනා... එයා රෑ වෙලා හරි එයි කියල විශ්වාසයක් තිබුනා.... ඒත් මෙච්චර ඉක්මනට එයි කියල හිතුවෙ නැ.... මං ඉක්මනට ඇස් පියාගත්තා....  නිදි වගේ ඉන්න ඕනෙ...

එයා කාමරේ ඇතුලට එද්දි එයාටත් කලින් ආවෙ එයාගෙ සුවද.... ඇතුලට ඇවිත් දොරේ ලොක් එකත් දාන සද්දෙ ඇහුනා.... දැන් මගෙ පපුව ගැහෙනවා හයියෙන්... හරියට නිකන් එයා අවුරුදු ගානකින් මං ලගට එනවා වගෙ.... එයා මගෙන් ඈත් වෙලා හිටපු පැය ගාන මට මෙච්චර ලොකුවට දැනුනද....? මේ පැය ගානට මෙහෙම නම් මං කොහොමද දෙයියනේ මේ කොල්ලව දාලා ගිහින් ඉන්නෙ...? ඒත් මේ වෙලාවෙ  එක්කන් යන්නත් බැ.....

එයා තාමත් දොර ලග....මොකද කරන්නෙ ලගට එන්නෙ නැතුව.... මං ආයෙත් හෙමීට ඇස් දෙක ඇරලා  කළුවරේම දොර පැත්ත බැලුවා... කළුවර උනත් අද හද පායපු දවසක් නිසා කර්ට්න්ස් අතරින් කාමරේට ලාවට වැටිලා තියෙන හද එළියෙන් මට එයාව පේනවා.... එයා දොරට හේත්තු වෙලා මං දිහා බලන් ඉන්නවා නේද....? අනේ ආයෙත් හැරිලා යන්න නම් එපා මැණික... එයා ආයෙත් යයිද කියන බය හිතට දැනෙනකොට මං හිතුවෙ ඉක්මනට  ඇදෙන් නැගිටලා එයා ලගට යන්න.... ඒත් දොර ලග ඉදන් එයා මං ඉන්න පැත්තට එනවා පේනකොට මං හෙලවෙන්නෙ නැතුව හිටපු විදිහටම හිටියා...

මොනව කරනවද  ඉක්මනට  එන්නෙ නැතුව.... මං බලන් හිටියෙ දුවගෙන ඇවිත් මගෙ ඇගට පනියි කියල....දවල් ඉදන් මට ලගට එන්නවත් අල්ලන්නවත් දුන්නෙ නැති නිසා පොඩි දඩුවමක් දෙන්නයි හිතන් හිටියෙත්..... අනේ මන්දා එයා නිසා මාත් දැන් බොළද ආදරවන්තයෙක් වෙලා.... ඒත් ඉතින් ආදරේ ලගදි කවුද බොළඳ නොවෙන්නෙ...?

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now