09.කොටස

2.5K 373 76
                                    


මොහොතකට කලින් දැනුන සතුට වැස්සටම හේදිලා යනවා වගෙ දැනෙද්දි එයා එකපාරටම ඉන්න තැනින් නැගිටලා මගෙ උකුල උඩින් වාඩි උනෙ කකුල් දෙක මගෙ ඉන දෙපැත්තෙන් දාගෙනයි...ඊටපස්සෙ එයාගෙ සීතල අත් බට්න්ස් ගලවලා තිබුන මගෙ ශර්ට් එක ඇතුලෙන් ගිහින් මගෙ පිට වෙලාගද්දි එයා මගෙ නිරුවත් පපුවට තුරුල් උනෙ එයගෙ මුහුණ මගෙ බෙල්ලෙ අස්සෙ ඔබාගෙනයි....
දෙයියනේ.... මං මේ දකින්නෙ හීනයක්ද....

*
*
*

මට දැනෙන්නෙ මගෙ හුස්ම නැවතිලා වගෙයි...ඒත් මටවත් දරාගන්න බැරි වේගයකින් පපුව ගැහෙනවා... මෙහෙම දෙයක් මේතරම් ලන් වීමක් මං එයාගෙන් බලාපොරොත්තු උනෙ නෑ... මට මැරෙන්න තරම් සතුටුයි දෙයියනේ... ඒ සතුටට ඇස් දෙකේ කදුළු පිරෙනකොට මං මේ දකින්නෙ හීනයක් නම් ඒ හීනෙන් මාව ඇහැරෙන්න එපා කියල හිතනගමන් මේතරම් වෙලා සතුට වෙව්ලපු අත්දෙකෙන් මාත් එයාව තුරුල් කරගත්තා...

තත්පරයක් දෙකක් විනාඩියක් ගියා... ඒ විදිහට විනාඩි දහයක්ම ගත උනා... අපි දෙන්නගෙම කටින් වචන පිට උනෙ නැතත් මට දැනුනෙ අපි දෙන්නගෙම හදවත් කතා කරනවා වගෙයි... ඒ තරම් සද්දෙට අපි දෙන්නගෙම පපුව හයියෙන් ගැහෙනවා.... වැස්ස තව තවත් වැඩි වෙලා අවට වටපිටාව සීතල උනත් අපි දෙන්නගෙම උණුසුමින් අපේ සිරුරු ගිනියම් වෙනකොට එයා තවත් මගෙ ඇගට තුරුල් උනා... මට තවත් මේ නිහඩබව ඉවසන්න බෑ..මටත් ඕනෙ එයා එක්ක ඒ වගේ කතා කරන්න... අපේ හදවත් වගෙ...

"බෝබෝ......."

"ම්ම්...?"

"ඇයි ඔයාට මේතරම්ම සීතල දරාගන්න අමාරු....?"

"දන්නෙ නැ... සීතල ගොඩාක් දැනෙනකොට මගෙ අත් කකුල් ගල් වෙනවා.... අත් කකුල් වල ඇගිලි නිල් වෙලා ඉදිකටු ඇනෙනවා වගේ රිදෙනවා....පොඩි සීතලක්වත් දරාගන්න අමාරුයි පොඩි කාලෙ ඉදන්ම....මං සීතලට ආසත් නැ... "

"එතකොට කාමරේ ඒසී එකට අමාරු නැද්ද...?"

"ඒසී තිබුනට මං ඒක යූස් කරන්නෙ නැ..."

ඔව් ඇත්ත තමයි... මට එයාගෙ කමරේදි කිසිම සීතලක් දැනිලා නැ... කාර් එකේදි උනත් එයා නිතරම ඒසී එක ඕෆ් කරනවා නේද කියල දැනුයි මට මතක් උනෙ....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedDove le storie prendono vita. Scoprilo ora