⚔දෙවන කොටස ⚔

463 95 40
                                    


වෙන් නින්ග් පැවැසූ දෙයත් සමඟ වැඩිමහල් සොහොයුරන් තිදෙනා තම ඥාති සොහොයුරාගේ මරණය පිළිබඳව සොයා බැලීමට නිවසින් පිටත්ව ගියේ වෙයි යින් හට තම කුටියට යන ලෙස පවසාය. ඔහු තම කුටියට පැමිණි පසු සයන මත අසුන් ගෙන යමක් කල්පනා කරමින් සිටියදී එම කල්පනා වෙන් මිදුණේ වෙන් නින්ග්ගෙ කට හඬින්ය.

"තරුණ ස්වාමිතුමනි ඔබතුමා සිතනුයේ ඒ පිළිබඳව නම් කරුණාකර එය අමතක කර දමන්න."

"වෙන් නින්ග් ඔබ සිතනවාද ඒ යළිත් ඔහු බව. නමුත් එවැන්නක් සිදුවී දැනට වසරකට ආසන්නයි.ඔබ තවම පවසන්නේ එය අහම්බයක් බවද? මේ මෙසේ සිදුවූ සිව්වෙනි අවස්ථාව වෙන් නින්ග්"

"නමුත් ස්වාමිතුමනි නමුත් එය එසේ නොවේ නම්"

"ඔබට මතකද වෙන් නින්ග් මෙලෙස සිදුවූ පලමු අවස්ථාව. වසර 6කට පෙර සෙල්ලම් පිටියේදී අපට වඩා වැඩිමල් තරුණයෙක් මා සරදමකට ගෙන මා හට පාහර දුන්නා පසුව ඔහුත් මෙලෙස මරා දමා තිබුණා. එසේම දෙවැන්නා වසර 5කට පෙර අප දෙදෙනා රාත්‍රියේ හොරෙන් සැනකෙලිය නැරබීමට ගොස්‌ නැවත පැමිණෙන විට හොරු කණ්ඩායමට ගොදුරු වුවා. කෙසේහෝ අපි ඔවුන් සමඟ දබර කර නිවසට පැමිණි පසු අයියණ්ඩිලා ඔවුන්ට දඬුවම් කිරීමට සෙවීමේදී අර අප සමඟ දබර කර ස්ථානයේම ඔවුන් සියලු දෙනාම මියගොස් සිටියාලු. මා අවසරයකින් තොරව නිවසින් පිටව ගියා කියා පියාණන් එදා සිට මෙවනතුරුත් මාහට නිවසින් අඩියක් හෝ පිටතට තබන්නට දුන්නේ නැහැ. මා නිවස අඩස්සියට දා දැන් වසර 5කටත් ආසන්නයි." යැයි පවසමින් ඔහු බර සුසුමක් පිට කරන්නට විය.

"තුන්වෙනියා කවුරුද කියා ඔබ දැනුවත්නේ වෙන් නින්ග්.එදා නුඹ නොසිටින්න මා හට කුමක් සිදුවන්නට තිබුණා ද? මා තවමත් ඔබට ණයගැති එදා මා බේරා ගත්තාට වෙන් නින්ග්"

"මාහටත් මතකයි ඒ පිළිබඳ ස්වාමිතුමනි. ඔබතුමාගේ පියතුමන් හමුවීමට පැමිණි අමාත්‍යවරයකු ඔබතුමාට කරදර කිරීමට හැදුවා මාත් සේවිකා හන් එතැනට පැමිණි නිසා ඔහුට කිසිවක් සිදු කිරීමට නොහැකි වූණා. මේ සිද්ධියෙන් පසු ඔහු නැවතත් නිවස බලා පිටත්ව යෑමේදී අතර මඟ ඔහුවත් මෙලෙස මරා දමා තිබුණා"

FOREVER 💙❤️Where stories live. Discover now