⚔දහනවවන කොටස⚔

358 70 169
                                    

හුවායිසන් කුටියෙන් පිටත් වූයේ චෙන් හට වෙයි යින්ව හමුවීමට පැමිණෙන ලෙස කැඳවාගෙන ඒම සඳහාය. ඒ සදහා හුවායිසන් කුටියෙන් පිටත් වූයේ වෙයි යින්ගේ තනියට වෙන් නින්ග්ව තබා වෙන් නින්ග් හටද මදක් විවේකයෙන් සිටින ලෙස පවසා ය. මන්ද අද රාත්‍රියේ රඟ දැක්වීමට නියමිත හොල්මන් නාටකයේ ප්‍රධාන නළුවා වෙන් නින්ග් වූ නිසාය.......

" යා..... ජින් මෙනවියනි නොහොත් කටුසු නැට්ටිච්චියනි..... ඔබ මේ හෝරා කීපය සුවසේ ගත කරන්නකෝ.... කිමද අද පමණයි ඔබ මේ මාළිගයේ සිටින්නේ..... සූදානම්ව සිටින්න අද රාත්‍රියේදී යක්‌ෂ ආත්ම මුණගැසීමට........ අද ඔබට දැක ගැනීමට හැකි වේවි භූත ජෙනරාල්ව.... ඇත්තෙන්ම මේ නාටකයට දමන නම කුමක්ද.... අහ්... හා..... භූත ජෙනරාල්ගේ අනියම් පෙම... "

.

.

.

.

.

.

.

.

අධිරජුගේ කුටිය තුළ...

අධිරජුගේ කැඳවීම පරිදි එතුමගේ කුටිය වෙත පැමිණි කිරුළ හිමි කුමරු කුටිය ඇතුලට පිවිසියේය. ඒ මොහොතේදී අධිරජු යමක් කල්පනා කරමින් සයනයෙහි පසක අසුන්ගෙන සිටි අතර කිරුළ හිමි කුමරුන්ගේ කටහඬින් එතුමා කල්පනාවෙන් මිදුණේ ය.

" පියාණෙනි.... ඔබ මාව කැද වූවාද.... "

" ආ... සීචෙන්... ඔබ පැමිණියාද... "

අධිරජු කිරුළ හිමි කුමරු දෙස බලා මවාගත් සිනහවකින් පවසන්නට විය.

" කුමක් හෝ ගැටලුවක් ද පියාණෙනි.... ඔබේ අද හැසිරීම වෙනස්...."

කිරුල හිමි කුමරු එසේ පැවසූ අතර අධිරජු ගැඹුරු සුසුමක් හෙලා කතා කිරීමට පටන් ගත්තේය.

" සීචෙන්.... මගේ මනසට බොහෝ වෙහෙසයි දැන්.... අගනුවර අමාත්‍යවරයෙක් ඝාතනය කරලා.. එනිසා අගනුවර සිටින සියලුම අමාත්‍යවරු හා රදළයින් කලබල වී සිටින්නේ. එසේම වූෂියෑන්ට පිරිසක් අනතුරක් කිරීමට තැත් කරනවා.... එපමණක් නොවෙයි නේ... ජින් අමාත්‍ය අපේ වංජිගේ විවාහය ඔහුගේ දියණියන සමග සිදු කරන්න බල කරනවා.... ප්‍රධාන භාර්යාව ලෙස බැරිනම් උප භාර්යාවක් ලෙස.... ඔබ දන්නවා ඔබේ සොහොයුරා දැන් නම් කීයටවත් මෙයට එකඟ වෙන එකක් නැහැ.... අද වංජිගේ විවාහය සිදු නොවුණහොත් මහජනතාව කැළඹේවි. "

FOREVER 💙❤️Donde viven las historias. Descúbrelo ahora