⚔දහහත්වන කොටස⚔

349 70 130
                                    

දින පහකට පසු......

මේ ගෙවුණු දින 5 තුළදී කෙතරම් දේවල් සිදුවුනිද.... සියලු දේවල් අවසානයේ නව දිනයක අරුනලු නැග එද්දී මුළු ගුසු මාලිගයම උත්සවයක් සඳහා සූදානම් වී තිබිණි. අද දිනය මුළු රාජ්‍යයට මෙන්ම මාලිගයේ සිටි සියල්ලටමද විශේෂ දිනයකි. ඒ අන් කිසිවක් නිසා නොව අද දින ගුසුවේ දෙවෙනි කුමරුගේ විවාහ දිනය බැවිනි.....

මුළු ගුසුවම ඒ සදහා උත්සවත්ශ්‍රීයෙන් සූදානම් වන්නට විය. මේ විවාහය පිළිබඳ පිරිසක් සතුටු වෙද්දී තවත් පිරිසක් හදවතින්ම දුක් වන්නට විය....

මාළිගාව මධ්‍යයේ අලංකාර ලෙස තනා ඇති විවාහ මන්ඩපය මත දෙවෙනි කුමරු රත් පැහැති වස්ත්‍ර වලින් සැරසී හැඟීම් විරහිත මුහුණකින් බිම බලාගෙන සිටින්නේ විවාහ චාරිත්‍ර සදහා තම අනාගත බිරිඳ පැමිණෙන තුරුය. මණ්ඩපය වටා විශාල පිරිසක් ඒකරාශිවී සිටින අතර ඉන් සමහරෙක් ලාන් චාන් දෙස අනුකම්පා සහගතව බලා සිටින්නේය...

තත්පරෙන් තත්පරේ ගෙවී යද්දී අනාගත උපඅධිරාජිනිය රත් පැහැ වස්ත්‍රයෙන් සැරසී විවාහ මණ්ඩපයට පැමිණෙන්නට වූ අතර සියලු දෙනාම අනාගත උපඅධිරාජිනියගේ සුන්දරත්වයෙන් වශී වී සිටින්නේය.

" දෙවැනි කුමරුනි... ජින් මෙනවියනි... විවාහා චාරිත්‍ර ආරම්භ කිරීම සඳහා පළමුව අහසටත් පොළොවටත් දෙමාපියන්ටත් ආචාර කරන්න... "

ජින් යෙන්හි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් යෙන්හි. ( වාමාංශික අමාත්‍ය ජින් හන්ගේ දියණිය. )

විවාහ කටයුතු මෙහෙයවීම සඳහා සිටින පුද්ගලයා කොපමණ කතා කලත් දෙවෙනි කුමරුගෙන් ප්‍රතිචාරයක් නොවූ අතර ඔහුට එහා පසින් සිටින ඔහුගේ අනාගත සහකාරියගේ හා උත්සවයට පැමිණ සිටින දෙනාගේම දෑස් මේ මොහොතේ දෙවෙනි කුමරු අසල තිබෙන්නට විය. නමුත් දෙවැනි කුමරුගේ අවධානය හා දෑස් තිබෙන්නේ වෙන කොහේවත් නොව තම අතේ තිබෙන රත් පැහැති පීත්ත පටිය දෙසය. ඒ දෙස බලා සිටින දෙවෙනි කුමරුගේ දෑස් වලින් කඳුළු කම්මුල් දිගේ ගලා යන්නට වූයේ එතුමාගෙන් ප්‍රියයන්ගේ දෑස් වලට ද කඳුළක් එක්කරමිනි.....

FOREVER 💙❤️Where stories live. Discover now