⚔විසිඑක්වන කොටස⚔

385 70 186
                                    

තමාගේ කුටිය තුළ සිටින සියලු දෙනා දෙස සිනහමුසු මුහුණින් බලා සිටි වෙයි යින් කුටියේ දොරටුවත් වසා තම අත අනෙක් අතින් සම්භාහනය කරමින් නිදා ගැනීමට සූදානම් වූයේ ශරීරයට දැනුණු වෙහෙස නිසා ය.

නමුත් එක් වරම වෙයි යින්ට පුද්ගලයෙකු මතක් වූ අතර ඒ පුද්ගලයා ඉඳගෙන සිටි තැන නොමැතිබව දුටු පසු ඔහුට හීන් දාඩිය දැම්මේය.

" අනේ.... දෙවියනේ මගේ.... ලාන් චාන්.... කොහි ගිහින්ද.... "

ඔහු කුටිය පුරාම අස්සක් මුල්ලක් නෑරම ලාන් චාන් සිටී දැයි සෙව්වත් ඔහුව හමුනොවු අතර වෙයි යින් තම අත හිස මත තබා ගත්තේ කුටියේ විවෘතව තිබෙන කවුළුව දැකීමෙනි. එය දුටු විගස වෙයි යින් කුඩා මේසය මත තබා ඇති අධිරජ මදහස බදුන් සියල්ල තිබේදැයි පිරික්සුවේ සිතට දැනුණු අනියත බිය නිසාය.

" 1.. 2... 3... 4... අයියණ්ඩිගේ අතේ තිබෙන එකයි... පහයි... ඇති යන්තම්... මා සිතුවේ කිරුළ හිමි කුමරු ගොස් උප අධිරාජයාට මත්පැන් පෙව්වා වගේ... දෙවැනි කුමරු ගොස් අධිරාජයාට මත්පැන් පොවාවි කියා.... නමුත් ඔහු කොහෙද යන්න ඇත්තේ.... අනේ දෙවියනේ ඇත්තමයි මා අදින් පසුව නම් මත් පැන් බදුනක් දිහා නිකමටවත් බලන්නෙවත් නැහැ.... මා දන්නවා මේ රාජ්‍යයෙහි ශිෂ්ටසම්පන්න කුමාරවරු දෙදෙනා නිසා ලඟදීම අප සියල්ලන්ගේම හිස නම් කඳින් වෙන් වන බව... "



වෙයි යින් තනිව මුමුණමින් කුටියෙ සියලුම කවුළු හා දොරටුව පිටතින් අගුළු ලාගෙන ගියේ තම ආදරණීය සැමියාව සොයාගෙන යළි පැමිණෙන විට තව අයෙකු අතුරුදහන්වී සිටි වී යැයි ඇති වූ සාධාරණ බිය හේතුවෙනි.




හෝරා බාගයක් පමණ ගතවිය. වෙයි යින් ආරක්ෂකයන්ගෙන් සැඟවෙමින් සෙවිය හැකි සෑම ස්ථානයකම ලාන් චාන්ව සෙව්වත් ඔහුව නම් සොයා ගැනීමට නොහැකි විය. වෙහෙසට පත් වෙයි යින් ප්‍රධාන ශාලාව අසලට පැමිණියේ ඒ දිශාවෙන් හෝ තම සහකරුව සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

" දැන්නම් මාගේ හොඳ පන ගොස් තිබෙන්නේ... ඇයි දෙවියනේ ඔබතුමා මේ අසරණ මා හට මෙතරම් ගින්දරක් ලබාදෙන්නේ... මා පවු නැද්ද... "

වෙයි යින් තනි මුමුණමින් ගමන් කරන විට එක්වරම නතර වූයේ මඳක් ඈතින් ඇසුණු ශබ්දයක් නිසා ය.

FOREVER 💙❤️Where stories live. Discover now