⚔එකොළොස්වන කොටස⚔

349 75 52
                                    


කොහොමද ඉතින් ගොඩ කාලෙකින් නේද...... කතාව මතක නැත්තං කලින් කොටසත් බලාගෙන එන්න............😊😊






" ලා..න්.. චා..න්.. මා... "

" අයියණ්ඩි මා පිට වෙනවා. ඔබ මේ ගැටලුව ගැන බලාගන්න. "

එසේ පවසමින් දෙවන කුමරු වෙයි යින් දෙස එකදු බැල්මක් නොහෙලා තැකීමකින් තොරව එතැනින් පිටව ගියේ වෙයි යින්ගේ දෑසට කදුලක් එක්කරමිනි.

ලාන් චාන් තමා දෙස නොබලා කේන්තියෙන් පිටත්වීම පිළිබඳව වෙයි යින්ගේ හදවතට කියාගැනීමට නොතේරෙන දුකක් දැනිනි. ලාන් චාන් එලෙස කෝප ගත්තේ තමා තරුණියකගෙ අතින් අල්ලාගෙන සිටි නිසාද නැතිනම් තමාත් ඔවුන් සමග ගැටුම් කළ බව සිතු නිසාදැයි වෙයි යින්ට නොතේරුණි. අලස බව නැති කර ගැනීමට කුටියෙන් පිටතට පැමිණි වෙයි යින් නැවතත් කනස්සල්ලෙන් කුටිය තුළට ම ගියේ ලාන් චාන්ගේ කේන්තිය නිවුණු පසු ඔහු හා කතිකා කර ගැනීමට සිතාය.

වෙයි යින් කුටිය තුළට ඇතුළු වූ පසු සයනයෙහි වැතිර ලාන් චාන් ගැන තමාට මේ ඇතිවෙන හැඟීම කුමක්දැයි කල්පනා කරමින් සිටි අතර වෙන් නින්ග් හා ඩැරන් කුටියෙන් පිටත දොරටුව අසල රැඳී සිටියේය.

" ඔබ සිතන්නේ දෙවෙනි කුමරු කුමක් නිසා එලෙස එතැනින් පිටව ගියේ කියාද.... වෙයි කුමරු ඒ පිළිබඳව සිටින්නේ මහත් කණස්සල්ලෙන්... "

වෙන් නින්ග් ඩැරන්ගෙන් විමසන්නට විය.

" යා.... අනුවණ ආ- නින්ග් ඔබට එය වැටහෙන්නේ නැතිද.... එතුමා කේන්ති ගත් බව සැබෑය. නමුත් එය ඊෂ්‍යාව මිශ්‍ර කේන්තියක් බවයි මට නම් වැටහුනේ... "

" හුම්.... "

" මට ඔබට වැදගත් යමක් පැවසීමට තිබෙනවා..... "

" ඒ කුමක්ද.... "

" සැබැවින්ම මා ආ... "

ඩැරන් පැවසීමට ගිය දේ නතර කළේ ඔවුන් අසලට පැමිණි පුද්ගලයා නිසාවෙනි.

" සෝ හො.. ඔබ කුමටද මෙහි පැමිණියේ... "

ඩැරන් ඔවුන් අසලට පැමිණි යැන්ග් කුමරුගේ ආරක්ෂකයා වන සෝ හො ගෙන් විමසුවේය.

" යා.... මා පැමිණියේ ඔබ හමුවීමට නොවෙයි ආරක්ෂක ඩැරන්... මා පැමිණියේ යැන්ග් කුමරුගේ අණ පරිදි පුද්ගලයෙකු කැඳවාගෙන යාමටයි. "

FOREVER 💙❤️Where stories live. Discover now