⚔දාහතරවන කොටස⚔

359 68 109
                                    

කුටියේ දොරටුව අසලින් ශබ්දයක් ඇසුණු අතර වෙයි යින්ගේ හා ලාන් චාන්ගේ අවධානය ඒ දෙසට යොමු විය. දොරටුව දෙසට යොමු වූ දෙදෙනාගේ දෑස් යළිත් එකට පැටලුණු අතර සුලු මොහොතකට පෙර කිරීමට ගිය දෙය සිහිපත් වී වෙයි යින්ගේ මුහුණ රත් පැහැ ගැන් වුණු අතර ලාන් චාන්ගේ ද දෙකන් රත් පැහැ ගැන්වීණි. සුලු මොහොතක් වෙයි යින් දෙස බලා සිටි ලාන් චාන් වෙයි යින්ව බිමින් වාඩි කර දොරටුව අසලට ගියේය.

දොරටුව අසලට ගිය ලාන් චාන් දොරටුව දෙස මදක් බලා සිට මදක් පසකට වී ක්ෂණිකව දොරටුව විවෘත කර අතර කුටියේ පිටත සිට දොරටුවට කන් තබාගෙන සිටි සියල්ලන්ම කුටිය තුළට ඇද ගෙන වැටිණි.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

කුටිය තුළට ඇදවැටුනේ වෙන කවුරුත් නොව උද්‍යාන මණ්ඩපයට වී නීති පිටපත් කරමින් සිටී වරදකරුවන්ය. කිරුල හිමි කුමරු , ජින් වූ හා  ෂුයැන්ග් කුටියේ පොළොව සිප ගෙන සිටින අතර වෙන් නින්ග් හා හුවායිසන් පොළොව සිප ගත් පිරිසගේ සිරුරු මත සිටියේය... ඩැරන් හා සොන් ලාන් නම් පසෙකට වී බිම බලාගෙන සිටින්නේ වරදක් කර හසු වූ කුඩා දරුවන් පරිද්දෙනි...

ඇදවැටී සිටින සියලු දෙනා දෙස ලාන් චාන් එක් ඇහි බැමක් ඔසවා බලා සිටියේ හරියට තම සැලසුම් කඩාකප්පල් කර පිරිසක් දෙස බලා සිටින පරිද්දෙනි... වෙයි යින් නම් මේ මොහොතේ තම සිනහව ආයාසයෙන් මැඩ ගෙන සිටින්නේය...

" අයියණ්ඩි... නැගී සිටීමට උපකාරයක් අවශ්‍ය ද "

" ආ... මේ... වංජි.... අපි........ හුවායිසන්... ඉක්මනින් සිරුර මතින් අයින් වෙන්න... "

" සිටින්න අයියණ්ඩි.... යා... වෙන් නින්ග් ඔබේ පාදය අයින් කර ගන්න... නැගී සිටීමට.... "

"ඔව් වෙන් නින්ග්... ඉක්මනින් මගේ සිරුර මතින් නැගී සිටින්න.... ඔබට තිබෙන්නේ බූරුවො හය හත් දෙනෙකුගේ බරක් නේ.... මට ඩැරන් ගැනනම් බොහෝ දුකයි... "

FOREVER 💙❤️Where stories live. Discover now