⚔දසවන කොටස⚔

353 77 39
                                    

"යා.... මා මේ කොහෙද සිටින්නේ.... කෙසේද නැවත මගේ කුටියට යන දිශාව සොයාගන්නේ..... වැරදීලා හෝ ලාන් චාන්ට හසු වුණොත්...... "

තනිව මුමුණමින් සිටී වූෂියෑන් එක්වරම ගැස්සුනේ තමාගේ ගෙළට දැනුනු සීතල  හා පිටුපසින් ඇසුණු කටහඬ නිසාය.

" කවුරුන්ද නුඹ...... මගේ අසිපතින් ගෙල සිඳ ගැනීමට අවශ්‍ය නැතිනම් ඉක්මනින් මේ දෙසට හැරෙනු..... "

ඇසුනු නාදුනන කටහඬ නිසාම වූෂියෑන් ඒ දෙසට හැරුණු අතර එහි වූ කිසිදු දිනක දැක නැති පුද්ගලයා දෙස කුතුහලයෙන් බලා සිටියේය. එසේම ඒ පුද්ගලයා ද වූෂියෑන් දෙස දෑස් පිය නොහෙළා බලා සිටින්නට විය.........

 එසේම ඒ පුද්ගලයා ද වූෂියෑන් දෙස දෑස් පිය නොහෙළා බලා සිටින්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලාන් යැන්ග්

ඒ නාඳුනන පුද්ගලයා තමා දෙස බලා සිටින ආකාරය පිළිබඳව අපහසුතාවයට පත් වූ වෙයි යින් කතා කිරීමට පටන් ගත්තේය.

"මුලින්ම ඔබට පුළුවන්නම් ඔය අසිපත පහත හෙලනව ද... වැරදිලා හෝ ඉන් මගේ ගෙළ සිඳී ගියොත් මේ රාජ්‍යය සිදුවන්නේ මහා විශාල පාඩුවක්... "

ඔහු දෙස මඳ වේලාවක් බලා සිටි ඒ නාඳුනන පුද්ගලයා අසිපත පහත හෙලීය.

"දැන් පවසනු ඔබ කවුරුන්ද කියා.... කුමක්ද මේ රාත්‍රියේ මෙහි සිදු කරන්නේ..... "

"ආ.... මේ.... මං... "

" විගසින් පවසනු..... නැතිනම් මා දැන්ම ආරක්ෂකයන් කැඳවනවා..... "

"යා.... මේ.... එසේ කිරීම අනවශ්‍යයි. මා පවසන්නම්.... මා හට මේ..... බඩේ අජීරණයක් සෑදිලා.... වැසිකිලියක් සොයා යාමේදී අතරමං වූවා...."

වෙයි යින් එසේ පවසමින් එක් අතකින් තම උදරය අල්ලා ගත්තේය. වෙයි යින් දෙස කට කොනකින් සිනාසෙමින් බැලූ යැන්ග් කුමරු කතා කිරීමට පටන් ගත්තේය.

FOREVER 💙❤️Where stories live. Discover now