⚔හත්වන කොටස⚔

389 82 60
                                    

වෙයි යින් මාලිගාවට පැමිණ මේ ගෙවෙන්නේ හතර වන දිනයයි. වෙයි යින් මාලිගයට පැමිණ ගත වූ දෙවන දිනයේම ඔහුට මාලිගයෙන් මිතුරෙකු හමුවූ අතර වෙයි යින් ඔහු හා ආරක්ෂකයන් සමග ඉන් පසු ගත වූ දින දෙකම සතුටින් හා විනෝදයෙන් ගත කළේය. ඔහු මෙම දින දෙක කෙසේ ගත කළත් ඔහුගේ හදවතට නම් මේ දින දෙකේදී මහා පාළුවක් දැණිනි. ඔවුන්ට මේ දින දෙකේදීම දේශන නොපැවැත්විණි. ඊට හේතුව වූයේ දේශ සීමාවේ ඇති වූ ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා උප අධිරාජයා හා දෙවැනි කුමරු පිටත් වී තිබීමයි. මේ දින දෙක පුරාවටත් වෙයි යින්ගේ කතා කියන රාජකාරිය නම් එසේම සිදුවිය. නමුත් එහි අඩුවක් තිබිණි. එය නම් මෝඩ කතා කියා සියල්ලන්වම කේන්ති ගැසීමට ෂුයැන්ග් එහි නොමැති වීමයි.

හතර වන දිනය ගෙවෙමින් රාත්‍රීය උදාවී තිබිණි. වෙයි යින් තම කුටිය තුළ සුවසේ නිදා සිටියේය.

" මෑනියනි....."

වෙයි යින් සිහිනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වූවේය. ඔහුගේ දෙනෙත්වලින් කඳුළු නොකඩවාම ගැලූ අතර ඔහු කොපමණ උත්සහ කරත් ඔහුට කඳුළු නැවැත්වීමට හෝ යළි නිදා ගැනීමට නොහැකි වූයේය. එනිසාම ඔහුට අවශ්‍ය වූයේ මදක් තනිව කුටියෙන් බැහැර ව සිටීමටයි. කුටියේ ඉදිරි දොරටුව අසල ආරක්ෂකයින් සිටි නිසා ඔහු කුටියේ විවෘතව ඇති ජනේලයකින් බැහැරට පැමිණියේය. කුටියේ ඇති උද්‍යානය තුලට ඇතුළු වූ ඔහු උද්‍යානයෙහි කොනකට ගොස් බිම වාඩි වී කකුල් අතර හිස හොවාගෙන ඉකි ගසමින් හැඩීමට පටන් ගත්තේය. ටික වේලාවක් ගිය පසු වෙයි යින් හැඬීම නවත්වා පිටුපස බැලූවේ ඔහුට ඇසුණු හුරුපුරුදු කටහඬ නිසාය.

" වෙයි යින්...."

ඒ පැමිණි සිටියේ වෙන කිසිවකු නොවේ. දින දෙකක් පුරාවට ඔහුගේ දෑස සෙවූ රුව විය. වෙයිගේ මුහුණ දුටු විගස ඒ පැමිණි පුද්ගලයා ඉක්මනින් ඔහු අසලට පැමිණි අතර වෙයි තමන් සිටි ස්ථානයෙන් ඉක්මනින් නැගිට්ටේය.

"ලාන් චාන් ඔබ මාලිගයට පැමිණියේ කොයි වෙලාවෙද, ඔබව දින දෙකකින් නේ දුටුවේ...."

වෙයි යින් කඳුළු පිසදමමින් පැවසුවේය.

" ඇයි ඔබ හඬන්නේ.... කුමක්ද සිදුවූයේ...."

FOREVER 💙❤️Where stories live. Discover now